Headlines

    උපසම්පදා භික්ෂුව අහෝසි වීම යනු බෞද්ධ සංස්ථාවම අහෝසි වීමක්  – ජනපති

    නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. බුදු දහමෙහි හරයන් මත ගොඩ නැගුණු සම්ප්‍රදාය ශ්‍රී ලංකා සමාජය හැඩගැස්වීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් සිදුකර තිබෙන බවත් එනයින් බෞද්ධ සම්ප්‍රදාය අනාගත පරම්පරාවට සුරක්ෂිතව ලබාදීම සියලුදෙනාගේම වගකීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ…

    Read More

    දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය

    අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය  විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ සහකාර ප්‍රවාහන අධිකාරීවරයෙකුගේ බලතල යටතේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව වංචා දූෂණ රැසක් සිදුවන ස්ථානයක්…

    Read More

    ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ශ්‍රී ලංකාව සහ ජත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත….

    Read More

    සුවිශේෂී ගෝලීය සිදුවීම් දේශනයට සූදානමින් රනිල් නවදිල්ලියට

    සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන ⁣හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ දේශනය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේදී මෙම දේශනය පැවැත්වෙයි. ⁣මීට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. මෙම වැඩසටහන සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය…

    Read More

    කොත්තු, රයිස් මිලේ වෙනසක්

    ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් මහතා පැවසීය. මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබේ. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු…

    Read More

    ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්

    ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් වෙයි. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා තිබේ.

    Read More

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…

    Read More

    ජර්මනියේ මැතිවරණ ජය කන්සවේටිව් පක්ෂයට

    ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ. ඒ අනුව එම පක්ෂයේ  නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූණි. ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.

    Read More

    හෙට සිට ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක්

    ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. මෙම සහනාධාර හෙට (22) සිට ක්‍රියාත්මක ය.

    Read More

    සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ..

    දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් සංචරණ…

    Read More