මෙරට ළමුන් ගැන අමෙරිකානු ආයතනයක් කළ හෙළිදරව්ව සොයා බලන්නැයි අධිකරණයෙන් නියෝග
මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ “නෙක්මැක්” ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය දැක්වූ කරුණු සලකා බලමින්…