Headlines

    IMF කොන්දේසි ගැන අනුරගෙන් ප්‍රකාශයක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව  ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ, එම අරමුදලෙන් ඒකපාර්ශවීයව  ඉවත් වීමට ද තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවය.  “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

    Read More

    ලෝක ආදිවාසී දිනය අද

    ලෝක ආදිවාසී දිනය අදට (09) යෙදී තිබේ. සෑම වසරකම අගෝස්තු මස 9 වනදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය. මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනාගැනීම යන්නය. මෙරට ආදිවාසී ජනයාද දඹාන කොටබකිණිය අදිවාසී ගම්මානය කේන්ද්‍ර කරගනිමින්…

    Read More

    රට හාල් නිෂ්කාශන කටයුතු අද සිට යළි අරඹයි

    නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකිවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේය. රට තුළ පවතින සහල් ගැටලුවට පිළියමක් වශයෙන් පෞද්ගලික…

    Read More

    ජාතික හැඳුනුම්පත් සම්බන්ධයෙන් දැනුම්දීමක්

    උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කලේ මේ  මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවය. මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු…

    Read More

    ට්‍රම්ප් පිටුපස ඉරානය – බුද්ධි අංශ තහවුරු කරයි

    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කර තිබේ. FBI සහ අනෙකුත් ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමගියක් ඇතිකිරීමට සහ විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ඉරානය විසින් අමෙරිකානු මැතිවරණයට මැදිහත් වී ඇති බව අදාළ වාර්තාවේ…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-08) – ඊයේ ආසාදිතයින් 359 යි මරණ 05 යි

    අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 359 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 22 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 337 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    දිනක් තුළ මෙරට වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි..

    දිනක් තුළ මෙරට වැඩිම කොරෝනා මරණ ගණන ඊයේ (08) දිනයේ දී වාර්තා විය. ඒ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු හා කාන්තාවන් 06 දෙනෙක් සමඟ කොරෝනා මරණ 22 ක් ඊයේ (08) වාර්තා වීමත් සමඟය. එලෙස මියගොස් ඇත්තේ, රාගම, කඩවත, මුල්ලේරියාව, තලවතුගොඩ, මොරටුව, ලුණුකැටියමඩිත්ත, පදියපැලැල්ල, කොළඹ 08, බුලත්කොහුපිටිය, හුන්නස්ගිරිය, කටුගස්තොට, හල්ග්‍රන්ඔය, හොරම්පැල්ල, ගනේමුල්ල, ගුරුදෙණිය, කඩවත, බිබිල , අගලවත්ත…

    Read More

    සිලින්ඩරයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය අනුරාධට

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා නම්කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. අදාළ පත්කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

    Read More

    ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ නීතිපති සහ ජනපති අතර සාකච්ඡාවක්

    ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පවත්වා තිබේ.  මෙහිදී නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර…

    Read More

    යුක්‍රේන යුද්ධයට මැදි වූ ඩොනල්ඩ් ට්‍රම්ප්

    යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේන ජනාධිපතිවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉදිරි දිනකදී තමා රුසියානු ජනාධිපති…

    Read More