Headlines

    අවසන් රැලියේ දී රිෂාඩ්ගේ සහ මස්තාන්ගේ ආධාරකරුවන් යකා නටයි

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් හට ගෙන තිබේ. ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වූ එම ගැටුමෙන්  පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පවසයි. හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ…

    Read More

    දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට

    දකුණු කොරියාවේ තෙදිනක් පුරාවට ව්‍යාප්තව යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම සිදුවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඉන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. තවද එම ප්‍රදේශවලින් පුද්ගලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇතැයිද එරට ආපාදා බලධාරීන් පවසයි….

    Read More

    වවුනියාවේ මී උණ ශීඝ්‍ර ව්‍යාප්තියක

    ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය විසින් මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදී එලෙස සඳහන් කළේය. පසුගිය වසරේ මහ කන්නය හා යල කන්නය තුළ ගොවීන් 41 දෙනෙකු එලෙස මී උණ…

    Read More

    පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කෙරේ. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා වීදි සංචාරය කෙරුණි. අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය සිදුකෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන…

    Read More

    හැකියාවන් ඇති අය සිර කළ රාමුව කැඩුවා – අම්බිකා

    තමන් පළමුවරට දේශපාලනයට පැමිණීමත් සමග මින් ඉදිරියට වතුකරයේ තරුණ ප්‍රජාව දේශපාලනයට අවතීර්ණ වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක කාන්තා නියෝජනයක් වන අම්බිකා සැමුවෙල් පවසයි. ඇය පැවසුවේ හැකියාවන් ඇති තරුණ තරුණියන් පිරිසක් වතුකරයේ සිටි නමුත් ඔවුන් යම් රාමුවක කොටු කර තැබූ බවය. “පළවෙනි වතාවට මම දේශපාලනයට ආවත් එක්කම මගේ නංගිලා මල්ලිලා අනිවාර්යයෙන්ම දේශපාලනයට එනවා….

    Read More

    අද සහ හෙට විදුලි කප්පාදුවක්

    විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව…

    Read More

    මොකක්ද මේ mpox ?

    mpox නම් වෛරස් රෝගය වැළඳුනු තවත් පුද්ගලයෙක් දකුණු අප්‍රිකාවේ මියගොස් තිබේ. ඒ එම රෝගී තත්ත්වයෙන් පැය 24ක් තුළ මියගිය දෙවැනි පුද්ගලයා බව වාර්තා වෙයි. මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 37 සහ 38 හැවිරිදි වියේ පසුවූවන් ය.  මේ දක්වා එරටින් 2024 වසරේදී ආසාදිතයින් 6 දෙනෙක් හමුවී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය. මීට පෙර මෙම වෛරස…

    Read More

    නල ජලයේ රසායන ද්‍රව්‍ය ගැන ජල සම්පාදනයෙන් කරුණු පැහැදිලි කිරීමක්

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල පිරිපහදුව සඳහා භාවිත කරනු ලබන රසායන ද්‍රව්‍යවල ගුණාත්මක භාවට සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් දක්වා ඇත්තේ ජල පවිත්‍රීකරණයට අවශ්‍ය කරන පිළිස්සු හුණු ටොන් 1500ක් මිලදී ගැනීම සඳහා ජාතික පුවත්පත් හරහා විවෘත ලංසු කැඳවූ බවත් ටෙන්ඩර් පත් සමග ලබාදුන්…

    Read More

    දිවුලපතන ගම්මානයේ අවනඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට

    සිංහල ජනතාව බහුල වශයෙන් වාසය කරන අම්පාර දිස්ත්‍රික්කයේ “දිවුලපතන ” ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂිත මුර කපොලු ඉවත්කොට එම ජනතාවට  නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස රජයේ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17) අවසර ලබා දුන්නේය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්…

    Read More

    යුපුන් අබේකෝන් ට තවත් සුපිරි ජයක්

    ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය. ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි.  යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

    Read More