Headlines

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-10) – ඊයේ ආසාදිතයින් 976 යි මරණ 05 යි

    අද දින (10) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 976 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 975 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (09) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. පසුගිය…

    Read More

    අමෙරිකාවේ රන් කොල්ලයක්

    අමෙරිකාවේ කැලිෆෝනියා හි රන් භාණ්ඩ සාප්පුවකට ඇතුළු වූ පිරිසක් රන් භාණ්ඩ කොල්ලකන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 20 දෙනෙකු පමණ මෙම කොල්ලයට එක්වී ඇති අතර ඉන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. විනාඩි 3ක පමණ කාලයක් තුළදී ඔවුන් හැකි තරම් රන් භාණ්ඩ සොරාගෙන පළා ගොස් තිබුණි.

    Read More

    වසර 10කට පසු තමිල්නාඩුවේ බල පෙරළියක්..

    ඉන්දියාවේ පැවැත් වෙන මහ මැතිවරණයේ දී වසර 10 කට පසු තමිල්නාඩුවේ බල පෙරළියක් සිදුව තඇති බව වාර්තා වේ. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත්, භාරතීය ජනතා පක්ෂය සහය දැක්වූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (AIADMK) පක්ෂය පරදවමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සහය ලද ඩී.එම්.කේ. (DMK) පක්ෂය යළි තමිල්නාඩුවේ බලයට පැමිණීමත් සමගය. ඒ අනුව තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතර බලය ලබා…

    Read More

    විදුලි ගාස්තු සංශෝධනයට කුමක් වෙයිද ?

    විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අදාළව ඉදිරිපත් කළ ප්‍රතියෝජනාව පිළිබදව මෙම සැසිවලදී මහජන අදහස් ලබා ගැනීමට නියමිතය. ඉදිරි මාස 6ක කාලය…

    Read More

    රැකියා ඇබෑර්තු දැන්වීම් මඟින් පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක්

    රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය. සිය ලාංඡනය යොදාගෙන…

    Read More

    පාස්කු විමර්ශන යටපත් කිරීම ගැන කාදිනල් හිමිගෙන් හෙළිදරව්වක්

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසා තිබේ. උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට ප්‍රතිචාර දක්වමිනි. පාස්කු…

    Read More

    පවතින වැසි සහ සුළං තවදුරටත්

    නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

    Read More

    පානදුර ප්‍රදේශ කිහිපයකට අද පැය 8 ක ජල කප්පාදුවක්

    පානදුර ජල සම්පාදන ක්‍රමය මගින් ජලය සැපයෙන පානදුර නගර සභා සීමාව හා කෙසෙල්වත්ත ප්‍රදේශය හැර අනෙකුත් ප්‍රදේශීය සභා සීමා වලට අද (21) රාත්‍රී 8 සිට පුරා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනු ලබයි. තවද වාද්දූව ප්‍රදේශයේ කොටසකට ද අද රාත්‍රී 8 සිට ජල සැපයුම අත්හිටවන බව ජල…

    Read More

    ඉතිහාසගත රන් පදක්කම දිනා දුන් නාගලිංගම් අභාවප්‍රාප්ත වෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මුල්ම රන් පදක්කම දිනා දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් අභාවප්‍රාප්ත වී තිබේ.  ඔහු 1958 ටෝකියෝහි පැවැති තුන්වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට එම රන් පදක්කම දිනා දුනි. යාපනයේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 89 වැනි වියේ පසුවූ අතර මියයන විට ඔහු පදිංචිව සිටියේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරය.

    Read More

    අතුරු සම්මත ගිණුමේ මුදල් තවදුරටත් වලංගු නෑ – මුදල් අමාත්‍යංශය

    මේ වසරේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම මගින් වෙන් කෙරුණු ප්‍රතිපාදනවල ඉතිරි මුදල් අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ (23) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් පියවීම සඳහා රුපියල් බිලියන 1,402 ක අතුරු සම්මත ගිණුමක්…

    Read More