Headlines

    කර්මාන්ත ශාලාවක ගින්නකින් 52ක් මරුට..

    බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 52නෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 08 වන දා හටගත් මෙම ගින්නෙන් මේවන විට පුද්ගලයින් 50 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශයේ කාර්මික නගරයක් වන රුප්ගන්ජ් හි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවයි. ගින්නට හේතුව තවම සොයාගෙන නොමැති…

    Read More

    වාහන ගෙන්වන සැලසුම IMF වෙත ඉදිරිපත් කරයි

    මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් (Road Map) ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන කාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිතය. 2024 වසරේ තුන්වන කාර්තුවේදී පොදු…

    Read More

    අද සිට වැස්ස වැඩිවෙයි

    අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඉන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම්…

    Read More

    ලංකාවට ආ අප්‍රිකානු සුකර උණ

    බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවය. පසුගිය කාල සීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක…

    Read More

    දෙවන පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

    20 -20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු දෙවන පුහුණු තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි. ඒ අයර්ලන්තය පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 163ක් රැස්කර ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී…

    Read More

    ප්‍රදේශ කිහිපයකට හවසට වැසි

    ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    Read More

    පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නේ නෑ – ශ්‍රී ලංකා කතෝලික සභාව 

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසති. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තාවක අඩංගු කරුණු ප්‍රසිද්ධ කිරීමට ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ හෙළිදරව්වකට ප්‍රතිචාර දක්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් ඒ බව…

    Read More

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා

    බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපකාරී වූ නමුත් බලයට පැමිණි පසු අදාළ පනත උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය…

    Read More

    Covid-19 නිසා වසා දැමූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල අද සිට සංචාරකයන්ට විවෘත වේ.

    Covid-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ ඇති වූ තත්වය හමු වේ ඉකුත් වසරේ මාර්තු 17 වැනි දා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සංචාරකයින් සඳහා වසා දමන ලදී. එහෙත් මාස 10 කට පසු එනම් අද (21) දින සිට කටුනායක හා මත්තල ගුවන්තොටුපලවල් යළි සංචාරකයි සඳහා විවෘත කෙරුණි. ඒ අනුව පැමිණෙන සියළු සංචාරකයින් හා සෙසු මගීන් වෙන්…

    Read More

    නිවුන් දරුවන් 10ක් බිහිකළ කාන්තාවක්..

    දකුණු අප්‍රිකානු මවක් වන , ගොසිආමේ තමාරා සිතොලේ නිවුන් දරුවන් 10 දෙනෙක් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  ඇගේ සැමියා පැවසුවේ පසුගිය මස ඔවුන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී දරුවන් 8 දෙනෙක් පමණක් පෙන්නුම් කළ ඇති බවත් පසුව දරුවන් දස දෙනෙකු ලැබුණු බවත්ය. ඒ අනුව මෙය ගිනස් ලෝක වාර්තාවක් විය හැකි බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය…

    Read More