Headlines

    මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස රිමාන්ඩ්

    මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඊයේ (28) රාත්‍රියේ අදාළ ධීවරයින් පිරිස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. 27 වන දින රාත්‍රී කාලයේදී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු…

    Read More

    USAID ශ්‍රී ලංකාවේ කළ වියදමක් ගැන අමෙරිකාවෙන් දොස්

    ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීම සඳහා USAID ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇතැයි අමෙරිකානු රජය අනාවරණ කරයි. ට්‍රම්ප් පරිපාලනය මෙය හඳුන්වාදී තිබුණේ අමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්තිකරන විකාරරූපී වියදමක් ලෙසය.  USAID ලොවපුරා සුබසාධන සහ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට මුදල් වෙන්කළ ප්‍රධාන ස්වාධීන ආයතනයකි.  වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය යටතේ එම ආයතනයේ කාර්යමණ්ඩලය…

    Read More

    ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර දකුණු ආසියාවේ තෙවන තැන ශ්‍රී ලංකාවට

    ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට  පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට යි. නේපාලය දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව පස් වන ස්ථානයේත් පාකිස්තානය හත් වන ස්ථානයේත් පසුවේ. ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන…

    Read More

    පේරු හි හිටපු ජනාධිපති ෆුජිමෝරි මියයයි 

    පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබේ. ඒ වනවිට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය. ඔහු 1990 සිට 2000 දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය. විශේෂයෙන්ම පේරු රාජ්‍යය තුළ මතුවෙමින් පැවති “ෂයිනින් පාත්” ගරිල්ලා සංවිධානය මර්ධනය…

    Read More

    හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි.  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

    Read More

    මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ…

    Read More

    නවදිල්ලිය LOCKDOWN..

    මේ වන විට ඉන්දියාවේ covid -19 වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දින 6ක කාලයක් සඳහා වසා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද (19) රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි නගරය මෙලෙස වසා දමන බවයි. මේ වන විට නවදිල්ලි අගනුවර වසංගත ව්‍යාප්තියේ අවදානම් තැනකට පත්වීම හමුවේ නගරයේ…

    Read More

    යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා…

    Read More

    සියලුදෙනාගේ ආදායම් වැඩිකිරීම මගේ අපේක්ෂාවයි – ජනපති

    2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.  එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එය භාර දෙනු ලැබීය. අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය…

    Read More

    මහ බැංකු අධිපති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ. එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ…

    Read More