Headlines

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ගැන ජනපතිගෙන් උපදෙස්

    මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා…

    Read More

    මල්වතු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක්

    මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අනුරාධපුර, වව්නියා හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මල්වතු ඔය ද්‍රෝණියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, වව්නියාව දිස්ත්‍රික්කයේ වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ නැනඩ්ඩාන්, මූසාලෛ, මඩු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි…

    Read More

    ජනාධිපති අරමුදල නව වසරේ සිට නව නිවහනකට

    ජනාධිපති අරමුදල නව ස්ථානයකට ගෙන යාම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය  එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 01 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය බවය. ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාල…

    Read More

    විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

    මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින් ඩොලර් මිලියන 543ක් පමණ මුදලක් මෙරටට යොමුකර ඇති බව එම අමාත්‍යංශය පැවසීය. පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන…

    Read More

    ක්‍රිකට් පාවාදීමක් ගැන අධිචෝදනා ගොනුකරයි

    මෙරටදී පැවති “Legends Cricket Trophy, 2024” ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ බව කියන තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම තරගාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. නීතිපතිවරයා අද (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ බව දැනුම්දී තිබේ. මෙලෙස අධිචෝදනා ගොනුකර ඇත්තේ එම තරගාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකු වන ඉන්දීය ජාතිකයෙකුට එරෙහිවය.

    Read More

    බදු ගෙවීම සම්බන්ධව විශේෂ නිවේදනයක්

    2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ 2023/2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු වාර්තා මත ගෙවිය යුතු බද්ද තවදුරටත් ගෙවීමට අතපසු වී ඇත්නම් එය දෙසැම්බර් මස 26 වන දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසය. එමෙන්ම…

    Read More

    සංචරන සීමා ලිහිල් කෙරේ – මුහුණු ආවරණ පැළඳීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානයක්..

    දිවයින පුරා පනවා තිබූ  සංචරණ සීමා අද (25) අලුයම 4.00 ලිහිල් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, සංචරණ සීමා ඉවත් කළ ද ජනතාව එදිනදා කටයුතු කිරීමේදී අදාළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙසය. ඒ අනුව අද (25) දිනයේ මුහුණු ආවරණ පැළදීමට අදාළ නීතිය…

    Read More

    කොටස් වෙළෙඳපොළේ ලොකු වෙනසක්

    කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ ගිය අතර, දිනය නිමාවෙන විට මුළු අගය දැක්වූයේ 12,053.49ක් ලෙසය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.

    Read More

    තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික්, සැෂේ පැකට් මාර්තු 31ක සිට තහනම් කර ගැසට් පත්‍රයක් රජය විසින් නිකුත් කරයි.

    ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව ප්ලාස්ටික් නියාමනයට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් රජය විසින් නිකුත් කර තිබේ. යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි…

    Read More

    ඇමෙරිකාවේ තට්ටු 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටේ – පුද්ගලයින් 100 ක් අතුරුදන්..

    ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමී නගරයේ මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 100 ක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මියගිය එක් අයකුගේ සිරුරුක් සොයා ගෙන ඇති බවයි. මියාමී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පුද්ගලයින් කොපමණ…

    Read More