Headlines

    නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

    ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්  තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පැවසීය. ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර…

    Read More

    ග්‍රහලෝක 7ක් එකපෙළට නැරඹීය හැකි දුර්ලභ අහස් සංදර්ශනයක්

    සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය පසු හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවය….

    Read More

    සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි

    බස්නාහිර පළාතේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා දිනයෙන් පසු ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. රට විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේය. සඳුදා පෙරවරු 5 වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව…

    Read More

    විශ්‍රාමිකයන්ට රු 3000ක විශේෂ මාසික දීමනාවක්

    රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,  “රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක්…

    Read More

    අධිකරණයට අපහාස කළ බවට මෛත්‍රී ට චෝදනාවක්

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.  පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු…

    Read More

    මෙරට කෘෂිකර්මාන්තය නවීකරණයට ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවය. මේ සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, දේශගුණික අවදානම් සංසදය වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිටපු…

    Read More

    ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

    ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ. පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. අදට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය  පිළිබඳව කරුණු පැහැදිලි කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු  හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා. “මෙවර…

    Read More

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය සැලකේ. එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබීය. මේ අතර එෆ්.එම්.දෙරණ 123 වන අසපුව සජීවි පෝදා විකාශය හෝමාගම පුරාණ විහාර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්…

    Read More

    කුලියාපිටිය පුද්ගලයෙකු මියයයි

    නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.  එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80හැවිරිදි පුද්ගලයෙකිි. අදාළ මියගොස් ඇති තැනැත්තාද මනමාලයා ආසාදිතවූ මංගල උත්සවයකට සහභාගී වූ අයෙකුගේ පියෙකු වූ අතර කලක් රෝගාතුරව ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවද වාර්තාවේ. කෙසේවෙතත් මනමාල මහතා…

    Read More

    පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරෙයි

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි. 2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක්…

    Read More