Headlines

    මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

    රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවය. අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ රාජ්‍ය…

    Read More

    කෙහෙළිය යළි රිමාන්ඩ්

    රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. ඊට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මහත්මිය මෙම නියෝගය කලාය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කෙරිණි.

    Read More

    බස්නාහිර ත්‍රීරෝද රථ නියාමනයට ජූනි 30 දක්වා කල්දෙයි

    බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි. එහි සභාපති රහුමාන් පල්ලි මහතා සඳහන් කළේ, ත්‍රීරෝද රථ රියදුරන් සඳහා සහන මිලට ගාස්තු මීටර ලබා දීමට රජය වැඩපිළිවලක් සකස් කළ යුතු බවය. “මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා ගාස්තු…

    Read More

    පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්

    මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්වීමට නියමිතව තිබේ. ජූලි 26 වනදා 2024 ඔලිම්පික් උලෙළ ආරම්භ වූ අතර එය පුරා දින 15කට වැඩි කාලයක් පැවැත්වුණි. ක්‍රීඩා 32කට අදාළව තරග 329ක් පැවති අතර ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වුණි. ඊයේ පිරිමි සහ කාන්තා මීටර් 100 සහාය දිවීම ඉසව්වල අවසන් තරග පැවති අතර එහි පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය…

    Read More

    වෙළෙඳපොළේ සියඹලා මිල ඉහළ යයි

    දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවිකළ සියඹලා කිලෝවක් අද (12) දිනයේ හැටන් ප්‍රදේශයේ රුපියල්  2,000ක සිල්ලර මිලකට අලෙවිකර තිබේ. මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම…

    Read More

    රූපරැජින ලෙස කිරුළු පැළඳ මිනිත්තු කිහිපයකින් කිරුල අහිමි වී ගිය රුවැත්තී..

    ශ්‍රී ලංකා විවාහක රූරැජින තරඟාවලිය ඊයේ (04) පැවති අතර එහි විවාහක රූරැජින ලෙස කිරුළු පැළද මිනිත්තු කිහිපයකින් එම කිරුළ අහිමි වීම පිළිබඳ ලංකාවේ බොහෝ දෙනෙකු කතා වේ. ඇය නමින් පුෂ්පිකා සඳමාලි ද සිල්වා වේ. ඇගේ උපන් ගම පොළොන්නරුව වන අතර ඇය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස ද කිරුළු පැලඳ ඇත. එහි දී ඇගේ උපන්…

    Read More

    උද්ධමනයේ සිදුවූ වෙනස මෙන්න

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 පෙබරවාරි මාසයේදී 5.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මාර්තු මාසය සඳහා 2.5%ක් දක්වා අඩුවී ඇත. කෙසේ වෙතත් 2024 පෙබරවාරි මාසයේ දී 5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේදී වෙනසක් සිදුව නොමැත.

    Read More

    මේ වසරේදී පොල් අස්වැන්න අඩුවීමට හේතුව මෙන්න

    පොල්මිල මේ වන විට වෙළෙඳපොළ තුල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.  ඊට ආණ්ඩුවට පවා මැදිහත්වීමට සිදුව ඇත්තේ, පොල් හිඟය සහ අධික මිල හේතුවෙනි.  ඉතිහාසයේ සිට අප ආහාර රටාව හා බැඳුණු පොල් මෙතරම් මිල ගියේ කෙසේ ද ? මේ ඒ පිළිබඳව දෙරණ අප කළ විශේෂ සොයාබැලීමකි.  පොල්කිරි ශ්‍රී ලාංකේය ආහාර රටාව සමඟ බැඳුණු අත්‍යාවශ්‍ය දෙයකි. ඒ නිසාම සෑම නිවසකම…

    Read More

    ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

    පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙම සැකකරුවන් අතරට මාලදිවයින් ජාතිකයකුද ඇතුළත් වේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන…

    Read More

    රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ඉවතට

    රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී…

    Read More