Headlines

    දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. මෙම පෙත්සම් අද (24) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ අචල…

    Read More

    ඇඹුල්දෙණියගෙන් විශිෂ්ට පන්දුයැවීමක් – එංගලන්ත කණ්ඩාමේ පළමු ඉනිම ලකුණු 344කට සීමාවෙයි

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හතරවැනි දිනටත් අද (25) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ඊයේ (24) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කිරීමට සමත්විය. ඒ මෙම තරඟයේ දී ලකුණු 132කට කඩුලු 07ක් දවා ගනිමිනි. මෙය ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5 සීමාව පසු කළ තුන්වැනි අවස්ථාවයි….

    Read More

    ලංකාවේ සියයට 10කට වකුගඩු රෝග

    මෙරට ජනගහනයෙන් සියයට 10ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසයි. දියවැඩියාව වැළදීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බව විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කළේය. “අපේ රටේ 10% විතර කිසියම් හෝ වකුගඩු රෝගයෙක් සිටිනවා. ඇත්තටම මේ සඳහා විවිධ…

    Read More

    අමෙරිකාවේ ප්‍රබලයෙක් ඉන්දු – ලංකා සංචාරයක

    දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10) ඉන්දියාවට පැමිණීමට නියමිතය. අද සිට 15 වනදා දක්වා දකුණු ආසියානු කලාපය තුළ රැ‍ඳී සිටින ඔහු ඉන්දියාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ද පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔහුගේ සංචාරයේ අරමුණ එක් එක් රටවල් සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමය. ඔහුගේ…

    Read More

    ක්‍රිකට් පාවාදීමක් ගැන අධිචෝදනා ගොනුකරයි

    මෙරටදී පැවති “Legends Cricket Trophy, 2024” ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ බව කියන තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම තරගාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. නීතිපතිවරයා අද (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ බව දැනුම්දී තිබේ. මෙලෙස අධිචෝදනා ගොනුකර ඇත්තේ එම තරගාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකු වන ඉන්දීය ජාතිකයෙකුට එරෙහිවය.

    Read More

    ඩෙංගු අධි අවදානම් තත්ත්වය ඉහළට

    පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. මෙම මස ගත වු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 971 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ දක්වා දිවයිනෙන්…

    Read More

    ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනයේ නවතම වාර්තාව අනාවරණ කර තිබේ. ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ, ඒ අනුව ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම දක්වා ශක්තිමත් වී ඇති බවය. ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික කඩාවැටීම හමුවේ ඉකුත් 2022 වසරේ…

    Read More

    දෛනික වෙඩිතැබීම්වලට හේතුව බුද්ධි අංශ දුර්වලතා – මිහින්තලා හිමි

    රටේ බුද්ධි අංශ ඇතුළු සියලු ආරක්ෂක අංශවල පවතින දුර්වලතා දෛනිකව සිදුවන වෙඩිතැබීම් සහ  අපරාධ සිද්ධිවලට හේතුව බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. උන්වහන්සේ සඳහන් කළේ එම අංශ ශක්තිමත් කිරිමෙන් තොරව අපරාධ රැල්ල මැඩලීමේ හැකියාවක් නොමැති බවය. අනුරාධපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි මේ බව පැවසීය.

    Read More

    මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීම අද හෝ හෙට

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවය. එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව…

    Read More

    උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ – සා /පෙළ හා උසස් පෙළ විභාග පවත්වන මාස වෙනස් වෙයි..

    අධ්‍යයන පොදු සහතික පත්‍ර 2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි. ඒ අනුව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ ඔක්තොම්බර් 12 වනදා විභාග මධ්‍යස්ථාන 2,648කදී…

    Read More