Headlines

    මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක් 

    එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පසුගිය 21 වැනි දින මැතිවරණ පැමිණිලි 03ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. මහනුවර පොලිස් කොට්ඨාසයේ තලාතුඔය පොලිස් වසමේ කහඹිලියාව, මාරස්සන ප්‍රදේශයේ පිහිටි නිවසකට පහරදීම, මාතර කොට්ඨාසයේ ගන්දර පොලිස් වසමේ කපුගම…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව,…

    Read More

    කොරෝනා මරණ ගණන ලක්ෂ 40 ඉක්මවයි..

    ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ ලොව රටවල් තුළින් නව මරණ 6,012ක් වාර්තා වූ බවයි. මේ අතර කොරෝනා වසංගතය ඇරඹි 2019 වසරේ දෙසැම්බර් මස සිට මේ දක්වා කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් හතලිස් ලක්ෂ දෙසිය අසූ එක් දෙනෙකු…

    Read More

    අධ්‍යාපනයේ නවීකරණය ට ජනපති යුනෙස්කෝ සහාය ඉල්ලයි

    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබාගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර…

    Read More
    සිව් වසරකට පසු දිවයිනට ආ අමුත්තා

    සිව් වසරකට පසු දිවයිනට ආ අමුත්තා

    වසර 04 කට පසු තායි එයාර්වේස් ගුවන්යානයක් දිවයිනට පැමිණ තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එම ගුවන්යානය පැමිණ ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පැවසුවේය. ගුවන් යානයෙන් තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය. ඒ අනුව සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර…

    Read More

    පාරින්ද රණසිංහ ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

    නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි. අනතුරුව එම ධුරයේ වැඩ බැලීම සඳහා රණසිංහ මහතාව පත්කළේය.   පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ…

    Read More

    නෙත්මිට ස්පාඤ්ඤයේදී ලෝකඩ පදක්කමක්

    ස්පාඤ්ඤයේ Pontevedra නුවර පැවැත්වෙන වයස 20න් පහළ ලෝක ශූරතා මල්ලවපොර ශූරතාවලියේ පෙරේදා (06) පැවැති කාන්තා කි.ග්‍රෑ. 53 බර පන්තියේ ලෝකඩ පදකක්ම දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය. මෙය ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් දිනූ උසස්ම පදක්කමක් ලෙස සැලකෙයි. එමෙන්ම ඇය මෙහිදී විනාඩි 08කට වැඩි කාලයක් තරගයේ නිතර වී ඇති අතර, එය එතෙක් මෙතෙක්…

    Read More

    යාපනයේ හැර වෙනත් ඕනෑම අධිකරණයකදී සාක්ෂි දෙන්න සූදානම් – ගෝඨාභය දැනුම්දෙයි

    2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ  සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන එම…

    Read More

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

    බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා මෙරට බෞද්ධ ජනතාව දැඩි උනන්දුවකින් පසුවේ.  වෙසක් පොහොය…

    Read More

    අවලංගු වන රියැදුරු බලපත්‍රවලට රජයෙන් සහනයක්..

    රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් 2021 වසරේ අප්‍රේල් 21 වැනිදා සිට සැප්තැම්බර් 31 වැනිදා දක්වා කාල සීමාව තුළ කල් ඉකුත් වීමට නියමිත සෑම රියැදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව එම රියැදුරු බලපත්‍රය කල් ඉකුත්වීමේ දිනයේ සිට තවත් මාස 6 කින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. එහි දී මෝටර් රථ ප්‍රවහන කොමසාරිස්වරයාගේ අත්සනින්…

    Read More