Headlines

    ඉන්දියාවේ COVID-19 එන්නත් නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් පස් දෙනෙකු මිය යයි.

    ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ සේරම් ආයතනයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති. COVID-19 එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සහ අනාගත වසංගත සඳහා සමාගම වඩා හොඳින් සූදානම් බව සහතික කිරීම සඳහා දැනට ඉදිකර ඇති ගොඩනැගිල්ලක් හරහා ගින්න හටගෙන තිබේ. COVID-19 එන්නත් නිපදවීමට ගින්නෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බව…

    Read More

    ශිෂ්‍යත්ව විභාගය අද

    05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. විභාගය පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 09ට පෙර සියලුම විභාග අපේක්ෂකයින් විභාග ශාලාවේ අසුන් ගතයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…

    Read More

    ඉරාන ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

    ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කරන මහා පරිමාණ ප්‍රහාරයකදී ආරක්ෂක භූමිකාව කැපී පෙනෙන ලෙස වෙනස් වනු ඇති බවත්, එහිදී ඊශ්‍රායලය මුළුමනින්ම විනාශකර දමන බවත් ඉරාන ජනපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබේ. එවැනි වාතාවරණයකදී ඊශ්‍රායලයේ සියොන්වාදී රෙජීමයේ කිසිවක් ඉතිරි නොවනු ඇති බව ඔහු සඳහන් කර ඇත.  ඉරාන නායකයා පාකිස්තාන සංචාරයේ නිරතවන අතරතුර, ඔහු මෙම ප්‍රකාශය සිදුකළ…

    Read More

    දුප්පතාට බෙදන සහල් ටිකත් හොරකම් කළ හැටි

    මේ දිනවල ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනේදී විවිධ අක්‍රමිතා සහ දූෂණ සිදුවීම් කිහිපයක් වාර්තාවී තිබේ. අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් සඳහා සහල් බෙදාදීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට දිවයින පුරා සහල් බෙදීම සිදුකෙරේ. තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් කිලෝ 10 බැගින් බෙදාදීම සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමිනි. මෙම සහල් නොමිලේ ජනතාවට ලබාදෙන…

    Read More

    ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කරනවා – රනිල්

    ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෑගල්ලේ ඊයේ (14) පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.  “ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පසුගිය සමයේ අස්වැසුම ඇතුළු වැඩසටහන් අප ක්‍රියාත්මක කළා. පොහොර සහනාධාරය ලබා දුන්නා. විශ්‍රාම සහ වැඩිහිටි…

    Read More

    අරුණ දර්ශන ට 5වන තැන

    පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එහි 05වන ස්ථානය හිමි විය. එම තරගය පැවැත්වුණේ රාත්‍රී 11.05ට ය. අරුණ තත්පර 44යි දශම 7යි 5කින් එම ඉසව්ව නිමකළේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද වාර්තා කරමින්.

    Read More

    අයහපත් කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය නිර්මාණය වී ඇති බවය. මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකුට…

    Read More

    මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

    පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙරෝන් විජේසිංහ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ඔහු අද රාත්‍රියේ සහභාගී වූ මූලික වටයේ තරගය තප්පර 10.5 5කින් නිම කරමින් එහි දෙවන ස්ථානය දිනා ගත්තේය.   මෙවර ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මහ වැසි – දැඩි අවධානයකින් පසු වන ලෙස ජලාශ ආශ්‍රිත ජනතාවට දැනුම් දෙයි..

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇඳහැළුණු අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එහි අගය මි.මී. 311.5 ක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර ඇඳහැළුණු මහ වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි පාරිභෝගිකයින් 44,000 කට විදුලි සැපයුම ඇනහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම…

    Read More

    නිමක් නැති ඔන්ලයින් ජාවාරම් ගැන තවත් අනාවරණයක්

    අන්තර්ජාලය ඔස්සේ ජනතා මුදල් කොල්ලකමින් සිදුකරන ජාවාරම් තවමත් රට තුළ සිදුවෙමින් පවතී. අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා වුණි. කණ්ඩායම් වශයෙන් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකෑ විදේශීය ජාතිකයින් මෙන්ම ඊට සම්බන්ධ විවිධ කටයුතු සිදුකළ ශ්‍රී ලාංකිකයින් ද වරින්වර විවිධ ස්ථානවලදී පොලිස් අත්අඩංගුවට පත්වුණි….

    Read More