Headlines

    ශ්‍රී ලංකාවෙන් ලකුණු 291ක ඉලක්කයක්

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය අවසන් කරමින් ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව පූර්ණ තරගාවලි ජයක් සම්පූර්ණ කරගැනීමට සඳහා සත්කාර නවසීලන්ත කණ්ඩායමට ලකුණු 291ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකා ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් පැතුම් නිස්සංක වේගවත්…

    Read More

    ගුරු-විදුහල්පතිවරුන් හෙට උද්ඝෝෂණයක

    හෙට (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. ඒ අනුව හෙට දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු – විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය  ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ…

    Read More

    ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ගොනුකළ පෙත්සම්වල තීන්දුව 31වනදා

    05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය ඊෙය් (18) අවසන් කළේය. ඒ අනුව එහි තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය. යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ…

    Read More

    ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනය සලිත වෙයි 

    ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන ඉලක්ක කරමින් ඊශ්‍රායලය දකුණු බීරුට් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල – හිස්බුල්ලා යුද ගැටුම් ආරම්භයෙන් පසුව ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් මේ වනවිට මියගොස් ඇති පිරිස දෙදහසකට ආසන්න බවය. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උද්ගතව ඇති අස්ථාවරත්වය තවත් තීව්‍ර කරමින් ඊයේ (03) රාත්‍රියේත් ඊශ්‍රායලය,…

    Read More

    ජනපති ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය කතාව මෙන්න

    2025 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නව රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ වසරේ සියයට පහක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි. එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා ඉහළ නැංවීමටත්, රුපියල් 15,750ක…

    Read More

    තාත්තා නවත්වපු තැනින් ඉදිරියට අරන් යනවා -නාමල්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සිදුකරගෙන යාම තම වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද (19) පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.  මාධ්‍යවේදියා – රෝහිත අබේගුණවර්ධන කියලා තියෙනවා මොන්ටිසෝරි ළමයි එක්ක මේවා කරන්න බැහැ කියලා,…

    Read More

    පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීමට නව පනත් කෙටුම්පත් දෙකක්

    පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති අතර එමඟින් සෑම පිළිගත් දේශපාලන පක්ෂයකම කාන්තා නියෝජනය සියයට…

    Read More

    දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් අද (10) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , රත්නපුර දිස්ත්‍රික්කය රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ, අංගම්මන ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය මහර පොලිස් බල ප්‍රදේශයේ, ඇ⁣ටිකෙහෙල්ගල්ල බටහිර කටාන පොලිස් බල ප්‍රදේශයේ, KC සිල්වා ග්‍රාම…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මහ වැසි – දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇඳහැළුනු අතර ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි අගය මිලිමීටර් 326.5ක් ලෙස සටහන් වී තිබූ බවයි. තව ද පස්යාල, දන්සල් වත්ත ප්‍රදේශයට මිලිමීටර් 287ක්, හොරණට මිලිමීටර් 244.5ක් ලෙස සටහන්ව තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

    Read More

    ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාගත ආදායමක්

    ‍ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබේ. ඒ අනුව රුපියල් ට්‍රිලියන 1.515ක ආදායමක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේය. එය ශ්‍රී ලංකා රේගුව වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම වේ. රජය විසින් 2024 වසර සඳහා ලබා…

    Read More