ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ආරක්ෂක අමාත්‍යංශ වැය ශිර්ෂය අද (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 78කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 88 ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ලැබුණි.
ආරක්ෂක අමාත්‍යංශ වැය ශිර්ෂය අද (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 78කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 88 ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ලැබුණි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ විමර්ශන අවසන් කර, උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි. නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන්…
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලබාදෙනු ලැබීය. ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක සුළු පහළ යාමක් වාර්තා කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන තුළින් අනාවරණය වේ. 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.12 ක් ලෙසින් සටහන් ව තිබුණු අතර එය 2025 ජනවාරි…
ආගම් හා සංස්කෘතීන් පිළිබඳව සිදුකරන හිංසාවන් වැළැක්වීම සඳහා ශක්තිමත් නීතීන් අවශ්‍යනම් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා පවසයි. මහනුවර, දිගන පැවැති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. “ජාතික ජන බලවේගයේ අපි කිසිවිටෙක තමන් අදහන ආගම, තමන් කතාකරන භාෂාව, තමනගේ අනන්‍යතාවය සහ සංස්කෘතීන් අපේ ඡන්දෙ වේදිකාවට ගන්නේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සිදුකරගෙන යාම තම වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද (19) පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. මාධ්‍යවේදියා – රෝහිත අබේගුණවර්ධන කියලා තියෙනවා මොන්ටිසෝරි ළමයි එක්ක මේවා කරන්න බැහැ කියලා,…
විසඳුම් ලබාදී තිබියදීත් මහජනතාව අපහසුතාවට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් අසාධාරණ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ එක්දින සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව දන්වා සිටියේය. වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම හා නව බඳවාගැනීම් ක්‍රියාවලිය…
සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින් අවසන් වු අතර ඒ වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 67,000ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණි. කෙසේ වෙතත් රජය පසුගියදා සඳහන්…
නැගී එන ආයෝජක වර්ධනයට ගැලපෙන පරිදි ආර්ථික සංශෝධන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය විසින් භාවිත නොකළ රජය සතු ඉඩම් බදු දෙන බවය. නිසරු බවට පත්වු ඉඩම් රැසක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.
විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසයි. ඒ සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් සිදුකර සති දෙකක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එම විශ්ලේෂණය ලැබෙන තුරු බලපත්‍ර ලබාදීමේ…