Headlines

    කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු හෙට.

    ”ඇවිදින පුස්තකාලය” යන විරුදාවලිය ලත් කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු හෙට (25) ප.ව 5.00 ට සිදු කෙරෙනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව අද (24) පෙ.ව 10.00 සිට හෙට ප.ව 3.30 දක්වා ඒ මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි….

    Read More

    ඉන්ධන මිල සහ රන් මිල හදිසියේ ම වෙනස්වෙයි

    ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි. සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙස ටයි.  එම නව මිල මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්වෙයි.  එසේම ජපානයේ,…

    Read More

    විදුලි ගාස්තුව ගැන PUCSL අවසන් තීරණය අද

    විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. ඉදිරි මාස 6 සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකර පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත්කර තිබුණි. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන්ද ඊට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව එම යෝජනා සැලකිල්ලට…

    Read More
    නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය. රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ. කෙසේවෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය. මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. මේ අතර යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තොරතුරු වාර්තා වුණි.

    ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

    රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

    රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.

    කෙසේවෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

    මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    මේ අතර යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තොරතුරු වාර්තා වුණි.

    Read More

    කැරොලයින් ජූරිගේ ඉල්ලීම..

    හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ, මෙරට විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට අදාළ නීති සම්පාදනය සහ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇති බවයි. එහි දී විලාසිතා සහ නිරූපණ තරග වේදිකා නිර්මාණය කළ යුත්තේ සැමට සමාන සහ සාධාරණ ආකාරයෙන් ද බවත්…

    Read More

    දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

    ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය සහ තවත් ගැටලු කිහිපයක් මූලික කරගනිමින්, ඊට අදාළ විසඳුම් ඉදිරි දින 14 ඇතුළත ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. ඒ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය,

    Read More

    තඹුත්තේගමින් කොටුකර ගත් හොර නෝට්ටු මුද්‍රණාලය

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන සිටි 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 25 වන දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ ව්‍යාජ නෝට්ටු ළඟ තබා…

    Read More

    පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි – අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද?..

    බ්‍රිතාන්‍ය මහ රැජිණ වන වැනි එළිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු අභාවප්‍රාප්ත වී ඇත. ඒ අනුව එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ආචාර්ය වෙඩි මුර පිරිනැමීම අද (10) සිදු කරන ලදී. එක්සත් රාජධානියට අදාළ මුහුදු සීමාවන්හිද යුධ නැව්වලින් ආචාර වෙඩි මුර පිරි නැමුණු අතර එඩින්බරෝ, කාඩිෆ් සහ බෙල්ෆාස්ට් ඇතුළු නගර කේන්ද්‍ර…

    Read More

    ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

    පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ  ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීම තුළින් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු…

    Read More

    අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

    මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය  සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම්…

    Read More