Headlines

    පළමු පුහුණු තරගයේ ජය නෙදර්ලන්තයට

    20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි. ඒ නෙදර්ලන්ත කණ්ඩායම හමු වේ. අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු…

    Read More

    ජනපති සටනට එන අපේක්ෂකයින්

    2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.  අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව…

    Read More

    කොරෝනා මරණ 44ක්..

    කොරෝනා මරණ 44ක් ඊයේ (21) දිනයේ මෙරටින් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබීය. එලෙස මියගොස් ඇත්තේ, ඇටවීගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ, ගල්පාත, කුඩාවස්කඩුව, පිහිඹුව, අනුරාධපුරය, මන්නාරම, රත්ගම, ඉමදූව,මග්ගොන, මතුගම, වේයන්ගොඩ ,අතුරුගිය , සෙවනගල, මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර, පරගස්තොට, උතුරු කළුතර, වළල්ලාවිට, බේරුවල, පයාගල, කොළඹ 12, කොළඹ – 2,පොල්ගස්ඕවිට,…

    Read More

    සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

    සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත. මෙකී සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් ඊයේ…

    Read More

    මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස රිමාන්ඩ්

    මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඊයේ (28) රාත්‍රියේ අදාළ ධීවරයින් පිරිස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. 27 වන දින රාත්‍රී කාලයේදී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු…

    Read More

    පාලන මිලට ගොවීන්ට පොහොර ලබා දීමට පියවර..

    එළවළු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ගොවී ජනතාවට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේය. පසුගිය සති කිහිපයේම පොහොර නොමැති වීම හේතුවෙන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳව, උඩරට එළවළු ගොවීන් රජයට පැවසුවේ තමන්ට පොහොර ලබා දෙන ලෙසයි. ඒ අනුව, බදුල්ල හා…

    Read More

    විද්‍යා ඝාතන සිද්ධියේ අභියාචනාවලට දින නියම කෙරේ

    015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගකිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත. මෙම අභියාචනා ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද…

    Read More

    UAE අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසය අලුත් කරයි – හෝප් මෙහෙයුමේ අඟහරුගේ පළමු ඡායාරූපය පෘථිවියට එවයි.

    එක්සත් අරාබි එමීරයේ අඟහරු මෙහෙයුම යටතේ ගුවන්ගත කෙරුණු අභ්‍යවකාශ යානය මගින් ලබාගත් අඟහරු ග්‍රහයාගේ පළමු වැනී ඡායාරූපය පසුගිය ඉරිදා දිනයේදී (14) ප්‍රසිද්ධියට පත් කර තිබේ. අඟහරුවාදා (16) අභ්‍යවකාශ යානය රතු ග්‍රහලෝකය වටා කක්ෂයකට ඇතුළු වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යවකාශ යානයක් අඟහරුවෙත යැවූ ඉතිහාසයේ පළමු අරාබි රට බවට පත්වීමට හැකි විය. මෙම පළමු ඡායාරූපය…

    Read More

    උතුරේ ධීවර ගැටලුව ගැන විශේෂ සාකච්ඡාවකට තමිල්නාඩුවේ එකඟතාවය

    උතුරේ ධීවර නියෝජිතයින් සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. උතුරේ ධීවර ගැටලුව සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පසුගියදා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග තමිල්නාඩුවේදී සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ධීවර ගැටලුව සම්බන්ධයෙන් එස්. ශ්‍රීධරන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. ප්‍රධාන අමාත්‍යවරයා…

    Read More

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි 13 සිට යළිත්

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි. කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන…

    Read More