Headlines

    සා/පෙළ අසාධාරණවලට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයේ විභාග ශාලාවකදී විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට තම ප්‍රශ්න පත්‍රය අයෙකු ලවා කියවා ලබාදෙන පිළිතුර ලිවීමට අවසර ලබාදී තිබියදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය දෙවැනි කොටස සඳහා එම පහසුකම අවහිර කළ බවට චෝදනා කරමින් අද (16) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. එමෙන්ම, කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ විභාග ශාලාවකදී ද විශේෂ…

    Read More

    දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් වැඩ අරඹයි.

    දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් ඊයේ (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරිණ. කිලෝ මීටර් 28කින් යුත් මෙම උමග වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ මෙය ඉදි කෙරේ. මෙය මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම…

    Read More

    මධ්‍යම කඳුකරයට වැස්සෙන් දැඩි බාධා – ආපදා රැසක්

    හැටන් –  කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට අද (27) දින අලුයම ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි. හැටන් පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇත. හැටන්…

    Read More

    මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක් 

    එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පසුගිය 21 වැනි දින මැතිවරණ පැමිණිලි 03ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. මහනුවර පොලිස් කොට්ඨාසයේ තලාතුඔය පොලිස් වසමේ කහඹිලියාව, මාරස්සන ප්‍රදේශයේ පිහිටි නිවසකට පහරදීම, මාතර කොට්ඨාසයේ ගන්දර පොලිස් වසමේ කපුගම…

    Read More

    හොදම මාස්ක් එක මොකක්ද? – දැනගෙන මාස්ක් පදිමු…

    රෙදි මාස්ක් එක හොදද? සර්ජිකල් මාස්ක් එකද KN95 එකද වඩාත්ම හොද? මේවා අපි හැමෝටම මාස්ක් ගැන තියෙන ගැටලු. ඉතා සියුම් නූල් අපිළිවෙළට සෑම තැනකම වියූ කෙදි සමූහයක් වශයෙන් සර්ජිකල් මාස්ක් එකක අන්තර්ගතය සකස් වෙනවා. මෙවැනි ලේයර දෙකක් තුනක් එකතු කර ඉතාම කුඩා අංශුවකට පවා ඒ හරහා ගමන් කළ නොහැකි ලෙස තමයි මේ සර්ජිකල් මාස්ක් නිර්මාණය…

    Read More

    ඔස්ට්‍රේලියාවට යන අයට ජුලි සිට නව නීති

    ජුලි මස පළමු වනදා සිට වීසා නීති දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳීසිටිමින් ශිෂ්‍ය වීසා ලබාගැනීමට දී තිබූ අවස්ථාව මින් ඉදිරියට අහිමි වේ. යුද ගැටුම් සහ දරිද්‍රතාව හේතුවෙන් දහස් ගණන් පිරිස් රටින් පළාගොස් සමෘද්ධිය පතා ධනවත් රටවල රැකවරණ ඉල්ලා සිටින අතර, තවත් විශාල පිරිසක් සංවර්ධිත…

    Read More

    ඔලිම්පික් ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලාංකිකයා

    ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ. මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වෙත රැගෙන ආ අතර ඊට පුද්ගලයින් 10,000ක් සම්බන්ධ කර ගැනුණි. ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් මහතාට අවස්ථාව උදාවී ඇති අතර, ඔහු ඉතිහාසගත වන්නේ ඔලිම්පික්…

    Read More

    මාර්ග දෙකක දුම්රිය ප්‍රමාදයක්

    ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය එන්ජින් තුනක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එලෙස දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවය.

    Read More

    අද කාලගුණය

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (16) වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය. දිවයිනේ තැනින් තැන උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    Read More

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම අනුරාධපුරය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට එම වැසි තත්ත්වය අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද…

    Read More