Headlines

    කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 35කට තුවාල

    කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. මීට සුළු මොහොතකට පෙර අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බව පොලීසිය සඳහන් කළේය. කොළඹ මහනුවර අතර ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මෙලෙස…

    Read More

    හෙට උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළට

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (22) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු මට්ටමක” පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ…

    Read More

    Tiktok තහනමට එරෙහිව අමෙරිකාව සමග සටනක්

    චීන බයිට්ඩාන්ස් සමාගමේ ජනප්‍රිය වීඩියෝ හුවමාරු යෙදවුම ‘ටික්ටොක්’ අමෙරිකානු මෙහෙයුම් විකුණා දමන ලෙසත්, මාස 06ක් ඇතුළත එය සිදුනොකළ හොත් අමෙරිකාවේ ටික්ටොක් තහනම් කරන බවටත් කොංග්‍රස් මණ්ඩලය සම්මත කරගත් නීතියට එරෙහිව බයිට්ඩාන්ස් සමාගම ඉදිරිපත් කළ පෙත්සම අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයේදී විභාග කිරීම දැන් ආරම්භ වී තිබේ. පෙරේදා (15) එම අධිකරණ විභාගයේ පළමු දිනයේදී චීන බයිට්ඩාන්ස් සමාගම ප්‍රකාශ…

    Read More

    උද්ධමනය තවත් අඩුවෙයි

    2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8%ක් ලෙස වාර්තා වී තිබුණි. 2024  නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)…

    Read More

    ප්‍රබලයින් දෙදෙනෙක් අතර තීරණාත්මක සාකච්ඡාවක්

    යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් යුක්‍රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…

    Read More

    ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සඳහා චරිත් අසලංක නම්කර ඇත. එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අනුමැතිය ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල්…

    Read More

    පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

    Read More

    ප්‍රබල අගමැතිනිය බලයෙන් පහකළ මාර්ච් ටු ඩකා

    දින ගණනක් පුරා රජයට එරෙහිව පැවති විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනිද්දී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඊයේ (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා ගියාය. මේ වන විට ඇය ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වෙයි. බංග්ලාදේශ හමුදා ප්‍රධානියා ජාතිය අමතමින් අද නිවේදනය කළේ රට තුළ කඩිනමින් අන්තර්වාර රජයක් පිහිටුවන බවය. බංග්ලාදේශ සරසවි සිසුන් ගෙවුණු ජූලි මාසයේ දී…

    Read More

    TikTok අමෙරිකානු මෙහෙයුම් වෙන් කරයි ද?

    ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය වේදිකා 05ට අයත්වන අමෙරිකානු නොවන එකම සමාජ මාධ්‍යය වන්නේ චීන බයිට්ඩාන්ස් සමාගමේ ටික්ටොක්, කෙටි වීඩියෝ හුවමාරු යෙදුමය. එහෙත් අමෙරිකානුවන් මිලියන 170ක් පමණ අද වනවිට ටික්ටොක් සමාජ මාධ්‍යය භාවිත කරමින් සිටී.  ටික්ටොක් යෙදුමේ චීන හිමිකාරීත්වය නිසා අමෙරිකානු ග්‍රාහකයන්ගේ දත්ත අවදානමට ලක්වන බවට ට්‍රම්ප් පරිපාලනයේ වගේම ජෝ බයිඩන් පරිපාලනයේත් අදහස වී තිබේ. එබැවින්…

    Read More

    මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයට අදට වසර 12..

    තිස් වසරක පුරා මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) වසර 12ක් සපිරෙයි. “ශ්‍රී ලාංකීය ජනතාවට යහපත් හෙට දිනයක් උදා කරලීමේ උත්තරීතර කාර්යය වෙනුවෙන් දිවි පිදූ සහ තාරුණ්‍ය කැප කළ සියලුම විරෝධාර රණවිරුවන් හදවතින්ම අදවන් දිනක සිහිපත් කළ යුතුව තිබෙනවා,” – 12වන යුද සැමරුම පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…

    Read More