Headlines

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධුරයෙන්ඉල්ලා අස්වී ඇති බව සඳහන් වේ. සේවා අවශ්‍යතාවයක් මත ඒ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. දින 52 ආණ්ඩුවේ දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2018 ඔක්තෝම්බර් මාසයේ දී නාලක කළුවැව මහතාව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කරන ලදී….

    Read More

    උරුමය මොනරාගලට

    සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම අද (30) සිදුකළේය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයකදීය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩිම සින්නක්කර ඉඩම් ඔප්පු…

    Read More

    මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්

    දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බවය. “2024 නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීවරු, දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු මැතිවරණ…

    Read More

    ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

    පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුට එම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ. මීට පෙර ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්…

    Read More

    පශ්චාත් මැතිවරණ සමය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

    මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පශ්චාත් මැතිවරණ කාලය තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බවය. “දැන් ආරම්භ වෙන්නේ පශ්චාත් මැතිවරණ කාලසීමාව. සතියක කාලයක් තුළ කිසිදු ආකාරයක පොදු ස්ථානවල…

    Read More

    පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ තොරතුරු රුස් කිරීමට නව මෘදුකාංගයක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරමින් දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ දත්ත හා තොරතුරු ඒකරාශී කරලීම උදෙසා විශේෂයෙන් නිර්මාණය කරන ලද මෘදුකාංගයක් හදුන්වා දීම ඊයේ (25) දින දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මේ වන විට…

    Read More

    සමගි ජන සන්ධානය එළිදකී

    ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළිදැක්වීම අද (08) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදුකෙරුණි. මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, මෙරට මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශ්ව එකමුතුකමින් කටයුතු කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ…

    Read More

    කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු හෙට.

    ”ඇවිදින පුස්තකාලය” යන විරුදාවලිය ලත් කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු හෙට (25) ප.ව 5.00 ට සිදු කෙරෙනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව අද (24) පෙ.ව 10.00 සිට හෙට ප.ව 3.30 දක්වා ඒ මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි….

    Read More

    වාහන ආනයනය ගැන කැබිනට්ටුව ගත් තීරණය 

    සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා  තිබේ. එහෙත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් පරිදි සංචාරකයින් ප්‍රවාහනය…

    Read More

    කාලගුණය ගැන අලුත්ම නිවේදනය

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    Read More