Headlines

    දුම්රිය වර්ජනය අත්හිටුවයි

    අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. මේ අතර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඔවුන් සේවයට වාර්තා කළහොත් “සේවය හැරගියා සේ සලකා” නිකුත්කළ ලිපි ඉවත්කර ගන්නා බවයි.

    Read More

    ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවය. මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 10‍8කින් නියෝජිතයින්…

    Read More

    2024 දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3.16ක ආදායමක්

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068 කි. මේ අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී පැමිණ ඇති 2,053,465…

    Read More

    පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවූ මුදල් ගැන දැනුම්දීමක්

    පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අයකරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12ක් අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන…

    Read More

    වංචා දූෂණ සිද්ධීන් 15ක් ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමර්ශන

    පසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි  සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා සඳහන් මීට අදාළ පැමිණිළි 3,040ක් ලැබී ඇති බවය. “විශේෂ ඒකකයකට ලැබුණු පැමිණි තියෙනවා 3,040ක්. එදිනෙදා විසඳුම් ලබාදෙන්න පුළුවන් 1,124ක් තියෙනවා. ඊට අමතරව අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය හරහා…

    Read More

    මෛත්‍රී පාර්ශ්වය වෙන තැනකට යයි

    පවතින දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නොව කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…

    Read More

    ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ නීතිපති සහ ජනපති අතර සාකච්ඡාවක්

    ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පවත්වා තිබේ.  මෙහිදී නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර…

    Read More

    ජනතා පරමාධිපත්‍ය බලය ඉදිරියේ විසිවුණු හිටපු මැති ඇමතිවරු

    හිටපු මැති ඇමතිවරු රැසකට ඊයේ (14) පැවති මහ මැතිවරණයේදී සිය මන්ත්‍රිධුරය අහිමි වී තිබුණි. ඒ අතරට පසුගිය රජය නියෝජනය කළ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද අයත් වීම විශේෂත්වයකි. කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් මැතිවරණයට ඉදිරිපත් වූ සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රේමනාත් සී. දොලවත්ත සහ මධුර විතාන යන මහත්වරුන්ට මෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ…

    Read More

    නෝවා ප්‍රහාරය සිහි කරමින් නිර්මාණයක්

    ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස 7ක කාලයක් ගත්වී තිබුණත් යුද ගැටුම් තවමත් ලොව පුරා පුවත් මවන මාතෘකාවකි. එවන් තවත් සිදුවීමක් පිළිබඳව ඊශ්‍රායලයෙන් වාර්තා විය. ඒ, යුද ගැටුම් ආරම්භයට මුල් වූ නෝවා සැණකෙළිය ඉලක්ක කළ ප්‍රහාරය සිහිපත් කරමින් කළ නිර්මාණයක් පිළිබඳ පුවතකි. මෙම නිර්මාණය සිදුකර ඇත්තේ අමෙරිකානු කලාකාරිනියක් වන මොන්ටානා ටකර්ගේ ප්‍රධානත්වයෙනි….

    Read More

    සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ..

    දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් සංචරණ…

    Read More