Headlines

    උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශ කෙරේ..

    එළැඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ 2021 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන මේ වසරේ ම ඔක්තෝම්බර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන…

    Read More

    ෆේස්බුක් සමාගමේ සියලු සේවා ජාල ලොව පුරා බිඳ වැටේ..

    ෆේස්බුක් සමාගමේ Facebook, Messenger, WhatsApp සහ Instagram ඇතුළු සියලුම සේවා ජාල ඊයේ(19) රාත්‍රී 10.30 සිට පැයක කාලයක් ලොව පුරා බිඳ වැටී තිබුණි. එහි පරිශීලකයින් ප්‍රකාශ කළේ Facebook, Messenger, WhatsApp සහ Instagram සේවාවල ඇප් එකකට හෝ වෙබ් අඩවියක් වෙත ඇතුළුවීම එම කාලය තුළ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි. මේ වනවිට අදාළ සියලු සේවා යථා තත්ත්වයට පත් කිරීමට…

    Read More

    දිගු කලක් සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයන්ට දැනුම්දීමක්

    ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. එම සාමාජිකයින්ට නීත්‍යානුකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත් වීමට ලබන මස 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බව යුද්ධ හමුදාව පැවසුවේය. ඒ අනුව තමන් අයත් වන රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධ…

    Read More

    මහ වැස්සෙන් පුද්ගලයින් 14 ක් මරුට – සුළු ගංවතුර මට්ටම තවදුරටත්..

    දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, ආපදා තත්ත්වයන් හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බවය. පවතින මහ වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර මට්ටම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු…

    Read More

    මෙරටට ගෙන්වූ ඖෂධවල වගකීම නොදරන බවට ලිපියක්

    ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ඔහු පවසන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙනඒම සඳහා අනුබල දුන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාට…

    Read More

    දක්ෂිණ අධිවේගයේ පිස්සු නැටූ රියැදුරු ඇතුළු තරුණයින් 05 දෙනා අත්අඩංගුවට..

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තරාදායක ලෙස හා මෝටර් රථයක් ධාවනය කළ රියැදුරු ඇතුළු මෝටර් රථයේ අසංවරව හැසිරෙමින් ගමන් ගත් තරුණයින් 05 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි. පොලීසිය සඳහන් කළේ, දාළ මෝටර් රථයේ දෙපස පැති දොරවල්…

    Read More

    මැදපෙරදිග යුද්ධය සමග වෙනස් වෙන තෙල් මිල – රජයෙන් විශේෂ තීරණයක්

    මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබේ. අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ, ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් අදාළ කමිටුව නිර්දේශ සිදුකරන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු…

    Read More

    හිටපු ජනපති රනිල් ඉන්දියාවට

    සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා අද (27) පිටත්ව යෑමට නියමිතව තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා (28) මෙම දේශනය පැවැත්වෙනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දේශන පවත්වති….

    Read More

    චමරිගෙන් ශතකයක්

    ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට දඹුල්ලේ පැවැත්වෙයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීම සමත්විය. එම තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත්…

    Read More

    ජාත්‍යන්තර කාන්තා දිනය අදයි..

    110 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය අදයි (08). සෑම වසරකම මාර්තු මස 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව වන්නේ  ‘රටකි – දැයකි – ලොවකි’  නායකත්වයේ කාන්තාවන්: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යනුවෙනි. කාන්තා දිනයේ මූලාරම්භය වන්නේ 1908 වසරේ මාර්තු 08 වැනි දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් 15,000ක් පිරිසක් තම පැය…

    Read More