මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන ලක්ෂ 12 ඉක්මවයි

දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649කි. එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ඇතුළු රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ…

Read More

වී මිල දී ගැනීම ඇරඹේ..

මෙරට කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කන්න දෙකෙන් එකක් වන යල කන්නයේ වී මිල දී ගැනීම අද (01) ආරම්භ විය. ඒ අනුව යල කන්නයේ වී මිල දී ගැනීම දිස්ත්‍රික්ක 19 ක අද (01) සිදු කිරීම ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා සඳහන් කළේ, යල කන්නයේ වී අසවනු නෙළීම මඩකලපුව,කිලිනොච්චි…

Read More

බැසිල් එහෙම ලැජ්ජ නැති වැඩක් කරන එකක් නෑ..

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පිවිසීමට තමන්ගේ කිසිදු විරෝධයක් නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. නමුත් තමන්ගේ විරෝධතාවය ඇත්තේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව පිවිසීම සම්බන්ධයෙන් බවද ඔහු පැවසීය. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඒමට කිසිදු අදහසක් නැතැයි තමන් හා පැහැදිලිව ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය. බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය අතහැර ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පැමිණිය…

Read More

වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් ගලවන්නැයි කොමිසමෙන් නියෝග

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බැවිනි. පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන…

Read More

කම්කරු වැටුප් වැඩිකළ නොහැකි බව වතු සමාගම් කියයි

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීම දුෂ්කර වී ඇති බවය.  කෙසේවෙතත් පඩි පාලක සභාවේ අනුමැතියට යටත්ව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර මහතා විසින් වතු…

Read More

සුළං ප්‍රවාහයේ වැඩිවීමක්

දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් විටින්විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (25) දිනයේ උදෑසන 10:30 වන තෙක් වලංගු වන පරිදි අද (24) පෙරවරු 10:30ට මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරුණි. වැඩි විස්තර පහතින්,

Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට

2020 අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, කොළඹ හා ශ්‍රී ජයවර්ධපුර අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට එම විභාග ප්‍රවේශ පත්‍ර අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට පැමිණ ලබා ගත හැකි බවයි. අද…

Read More

හෙට පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම ඇර‍‍‍‍ඹේ

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුවන බවය. “හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,314 සඳහා යොමු කළ යුතු සියලූම නිලධාරීන් සහ…

Read More

ට්‍රම්ප් ජය තහවුරු කරයි

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ. මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 224ක් පමණයි. ඒ අනුව 2024 අමෙරිකානු ජනාධිපති තමන් ජයගත් බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති…

Read More

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වනදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බවය.  නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි. ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම…

Read More