Headlines

    දෙදින රාජ්‍යත්‍රාන්ත්‍රික නිල සංචාරයක් සඳහා අගමැති බංග්ලාදේශයට..

    බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනාවකට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්ව ගියේ අද (19) උදෑසනයි. ඒ අනුව UL 189 ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිස බංග්ලාදේශය බලා පිටත් වී ඇත. අග්‍රාමාත්‍යතුමා බංග්ලාදේශ රාජ්‍ය සංචාරය අරඹමින්, ඩකා අගනුවරට පැමිණි අතර  එරට අග්‍රාමාත්‍ය…

    Read More

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබේ.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (02)  ජනාධිපති කාර්යාලයේදී ඒ මහත්මිය වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

    Read More

    ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනය සලිත වෙයි 

    ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන ඉලක්ක කරමින් ඊශ්‍රායලය දකුණු බීරුට් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල – හිස්බුල්ලා යුද ගැටුම් ආරම්භයෙන් පසුව ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් මේ වනවිට මියගොස් ඇති පිරිස දෙදහසකට ආසන්න බවය. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උද්ගතව ඇති අස්ථාවරත්වය තවත් තීව්‍ර කරමින් ඊයේ (03) රාත්‍රියේත් ඊශ්‍රායලය,…

    Read More

    දෙවිනුවර ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී  තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර දුන්නේය. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන සිටියි. ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.

    Read More

    විදුලි ගාස්තුව ගැන PUCSL අවසන් තීරණය අද

    විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. ඉදිරි මාස 6 සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකර පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත්කර තිබුණි. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන්ද ඊට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව එම යෝජනා සැලකිල්ලට…

    Read More

    පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නාඳුනන මළ සිරුරක්

    පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල තිබෙන ජලාශයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ. අද (02) උදෑසන එම මළ සිරුර සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය විසින් සිදුකරයි.

    Read More
    නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය. රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ. කෙසේවෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය. මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. මේ අතර යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තොරතුරු වාර්තා වුණි.

    ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

    රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

    රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.

    කෙසේවෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

    මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    මේ අතර යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තොරතුරු වාර්තා වුණි.

    Read More

    උදයංග වීරතුංගට ඇප

    රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ. නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2ක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර තිබේ. අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව ඔහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…

    Read More

    සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන්ට පිළිගන්වයි

    සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීය. සැප්තැම්බර් 04 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිකුත් කිරීමට නියමිතය.

    Read More

    දිවයින පුරාමිලිමීටර් 200 ඉක්ම වූ වැසි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්..

    බස්නාහිර , සබරගමුව ,දකුණ , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේ මිලිමීටර් 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව ගිණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ සහ යාබද ලක්ෂදීපය ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන…

    Read More