Headlines

    විදුලි ගාස්තු ගැන මහජන අදහස් ලබාගැනීම අද සිට ඇරඹෙයි

    විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වෙයි. පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ඇත. නව වසරේ මුල් මාස 06ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින්…

    Read More

    කතරගම දේවාලයේ පඬුරුවලින් ඉඳිකළ මෙරට ප්‍රථම ඇටමිදුළු බද්ද කිරීමේ ඒකකය විවෘත වෙයි

    ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ද කිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණි. පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය වේ….

    Read More

    මැතිවරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් ඇතුළු තිදෙනෙක් මරුට

    මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ ඔවුන් තිදෙනාම ස්වභාවික හේතු මත ජීවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කරන බවය. එලෙස මියගොස් ඇත්තේ කෝපායි පොලිස් වසමේ, කුරුම්බුරායි…

    Read More

    බයිඩන් හමුවී ෆුමියෝ දුන් චෙරි පැළ

    ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ අමෙරිකානු සංචාරය අතරතුරදී චෙරි පැළ හෙවත් සකුරා පැළ කිහිපයක් අමෙරිකාවට ත්‍යාග වශයෙන් ප්‍රදානය කර තිබුණි. ඒ දෙරට අතර මිත්‍රත්වය සනිටුහන් කිරීමේ අරමුණින් ය. ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගියදා මෙලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වුණි. එහිදී ලෝකයේ අවධානය යොමු වුණේ ජපාන අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙනි. මේ අතර…

    Read More

    සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසිය ජනපති පහදයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම්වල මූලික ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කොළඹදී අද (13) පැවති සාර්ක් කලාපීය රටවල 45 වැනි මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීම හා සමුළුව අමතමිනි. එම අවස්ථාවට සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් මෙන්ම සාර්ක් රටවල මහ බැංකු අධිපතිවරුන් සහ නියෝජ්‍ය අධිපතිවරුන්…

    Read More

    IPL කුසලානය කාටද ?

    මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ සමත්විය. ඒ අවසන් තරග වටයේ තුන්වැනි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමිනි. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම IPL අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත් තුත්වැනි අවස්ථා මෙය වන අතර  මෙවර IPL අවසන් මහ තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම…

    Read More

    කමල් අද්දරආරච්චිත් මහ මැතිවරණයට

    ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතය. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා, “හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන්…

    Read More

    හිරුණිකා දැඩි තීරණයක් ගනී

    සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වෙයි. අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ අදාළ ලිපිය පක්ෂයට යොමුකළ බවයි. තමා මෙම තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතා ව අපහසුතාවයට පත්කිරීමට නොවන බව ඇය පැවසුවාය. “පසුගිය ජනාධිපතිවරණයේදී කාන්තා රැස්වීම් ලංකාව පුරාම අරගෙන ගියා. දැන් මේක මගේ මැතිවරණය. මම…

    Read More

    තරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්

    ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ. තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. තරුෂි කරුණාරත්න මෙවර සිය ඔලිම්පික් සිහිනය සැබැ කරගැනීම සඳහා අවසන්…

    Read More

    ඇපල් දුරකථනවලට Chat GPT එකතු වෙයි

    AI තාක්ෂණයේ පෙරමුණ ගැනීමට ප්‍රධාන පෙළේ තාක්ෂණ සමාගම් අතර තියුණු තරගයක් ඇති වී තිබෙන මොහොතක අමෙරිකානු ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට කටයුතු කරමින් සිටී.  ඒ අනුව ඊයේ පැවති ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී (Developers Conferance) ප්‍රකාශ වුණේ ඇපල් සමාගමේ මීළඟ අයිෆෝන් නිෂ්පාදනය AI නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන් සන්නද්ධ කෙරෙන බවය.  විශේෂයෙන්…

    Read More