Headlines

    හැමෝම හොයන මන්ත්‍රී වැටුප – ඇත්තම කතාව මෙන්න

    මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවය. මීට අමතරව පැමිණීමේ දීමනාවක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයන් වෙනුවෙන් රු 2,500ක මුදලක් සහ රැස්වීම් නොපවැත්වෙන දිනයන්වල දී කාරක සභාවලට සහභාගී වීම වෙනුවෙන් රු 2,500ක දීමනාවක් ද ඔවුන්ට…

    Read More

    නාමල්ගේ ඉලක්කය

    තමන්ගේ ඉලක්කය ඉදිරි අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීමට බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය. “කොළඹ වරාය නගරය බොහෝ අය හිතුවේ ගොඩනැගිලි අහදන්න කියලා නෑ… ඒක ගනුදෙනු වලට කේන්ද්‍රකරගත් මධ්‍යස්ථානයක්. අපිට වුවමනාව තියන්නේ මොකක්ද ලෝකේ සමාගම් තමන්ගේ…

    Read More

    සජිත් ජපන් තානාපතිගෙන් කළ ඉල්ලීම

    අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා…

    Read More

    කැළඹුණු කාළගුණය – අදත් ප්‍රදේශ රැසකට වැසි..

    දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(11) දිනයේ විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්මේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමිටර් 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවත් බස්නාහිර හා වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැකි බවත්…

    Read More

    අමෙරිකානු පුරවැසිභාවය ගැන දැනුම්දීමක්

    ඉන්දියානු පුරවැසියන් 66,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු පුරවැසිභාවය ලබා දී තිබේ. අමෙරිකානු ප්‍රජා සමීක්ෂණ දත්ත වාර්තාවකට අනුව එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉන්දියානුවන් 65,960දෙනෙකු නිල වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් බවට 2022 වසරේ දී පත්ව ඇත.  එම වර්ෂයේ දී මිලියන 46ක විදේශිකයන් පිරිසක් එක්සත් ජනපදයේ වාසය කර ඇති බව ඇස්තමේන්තු…

    Read More

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබේ. ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි  දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට…

    Read More

    මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා පානය කළ ධීවරයින් තිදෙනෙක් මරුට

    මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනා අතරින් මේ වනවිට 3 දෙනෙකු මියගොස් තිබේ. තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන් ය. ඊයේ (28) රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින්…

    Read More

    ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන 

    ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. “යහපත් රාජ්‍යක් ගොඩනගනවා නම් එහි ප්‍රධානම පදනමක් බවට නීතියේ විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි. ඒ නිසා අපි රාජ්‍යක් හැටියට ජනාධිපතිවරයා ලෙසත්…

    Read More

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 සිට – විභාග සහ විෂයමාලාත් වෙනස්වෙයි

    විෂය නිර්දේශ මෙන්ම විභාග ක්‍රමය ද ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය. පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස්කම් සිදුකර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය. එතුළින් සිසුන්ට වඩාත් යෝග්‍යවන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක්කරන…

    Read More

    හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි.  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

    Read More