Headlines

    ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

    නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සිය විශ්‍රාම ගැනීමේ නිවේදනය දැනුම් දි ඇති බව වාර්තා වේ. මර්ටින් ගප්ටිල් නවසීලන්තය නියෝජනය කරමින් පසුගිය 2022 වසරේදි අවසන් වරට ක්‍රිකට් තරගාවලියකට එක් විය. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගත්ත ද ගප්ටිල් 20/20 ලීග් ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට තීරණය කර තිබේ. 

    Read More

    ලෙබනනයේ සංචාරය නොකරන්න – අලි සබ්රි

    අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඒ බව දැනුම්දී ඇත. එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙයි.

    Read More

    අළුත් අවුරුදු උත්සව පැවැත්විය යුත්තේ කෙසේද?..

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක්  නිකුත් කර තිබේ. එමඟින් අළුත් අවුරුද්දේ සිදුකළ හැකි චාරිත්‍ර වාරිත්‍ර, හැකිතාක් දුරට අවම කළයුතු ක්‍රියාකාරකම්, එක් එක් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී සැලකිලිමත්විය යුතු කරුණු, අවුරුදු සමයේ ආරක්ෂිත ලෙස සාප්පු සවාරි, ගමන් බිමන් යෑමේදී අනුගමනය…

    Read More

    මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට

    ‍මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය.  හෙට දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර්…

    Read More

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශයේ ප්‍රධානියාව ඉවත් කර එම අංශය විසුරුවා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය රජය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයට ප්‍රධානියෙකු පත්කර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මෙලෙස එම අංශය විසුරුවා ඇති බවය. අදාළ පත්වීම් සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ…

    Read More

    ඉන්දීය උඩු ගුවනේ සැමරූ මගුල් ගේ..

    ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා මාරයාගෙන් බේරීමට ලෝකවාසී ජනතාව විවිධ උත්සාහයන් ගනිමින් සිටින වටපිටාවක් තුළ පසුගිය දා කොරෝනා මරණ ලක්ෂ 3 ඉක්මවූ එමෙන්ම ලොව දෙවන තැනට ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අදටත් මිනිස් ජීවිත කොරෝනා මාරයාට බිලි වන ඉන්දියවෙන් පනවා ඇති නීති රීති පවා නොතකමින් සැමරූ මංගල උත්සවයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය…

    Read More

    ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

    20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළහ. ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය. චමරි අතපත්තු ලකුණු 102යි….

    Read More

    බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

    බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් වරෙන්තුව නිකුත් කර ඇති බවය. අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයින් ඇතුළු…

    Read More

    නවදිල්ලි දුම්රිය ස්ථානයේ තෙරපුමකින් 18ක් මරුට

    ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය මීට හේතුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

    Read More

    නැගෙනහිර ලන්ඩනයේ හදිසි තත්ත්වයක්

    කඩුවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය.        මේ හේතුවෙන් Hainault දුම්රිය ස්ථානය වසා දමා තිබේ. තුවාල ලැබුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද වෙයි

    Read More