Headlines

    ජංගම දුරකථන මිල අඩුවෙයි

    ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙන් මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සමිත් සෙනරත් මහතා මාධ්‍ය හමුවකට ඒ බව සඳහන් කළේය. මිල අධිකව ම පැවතුන Apple iPhone 15 Pro Max දුරකථනයක් මේ වනවිට 375,000ක් පමණ දක්වා…

    Read More

    ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි..

    දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඒ අනුව ගිඟුරුම්…

    Read More

    පොල්තෙල් මිල නියාමනයට පොල් සංවර්ධන අධිකාරිය මැදිහත් වෙයි

    වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේ, ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බවය. මේ වසරේ මැයි මාසය වන විට පොල්තෙල් මෙට්‍රික් ටොන් 42,000ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බව සඳහන්ය….

    Read More

    ජපානයේ බිහිසුණු අනතුරක්

    ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව තිබේ. ඉෂූ දූපත් ප්‍රදේශ ආශ්‍රිත පැසිෆික් මුහුදේ සබ්මැරීන් නිරීක්ෂණය සම්බන්ධ පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරින් මියගිය එක් හමුදා සාමාජිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර සෙසු පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ජපාන…

    Read More

    ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

    වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

    Read More

    ගංවතුර බැස යාමත් සමඟ රෝග පැතිරීමේ අවදානමක්

    ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සඳුන් රත්නායක මහතා සඳහන් කළේ, පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවය. “ඔබ විසින් මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසිදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමටත්,…

    Read More

    සහල් මෙට්‍රික්ටොන් 16000ක් ගෙනත්

    සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු ඊයේ (18) සවස 3:30 පමණ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000 කි. ඉන් මෙට්‍රික්ටොන් 6,000ක් කැකුළු සහල් වන අතර ඉතිරි 10,000 නාඩු සහල් වෙයි. රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ඒ බව පැවසීය. පසුගිය දෙසැම්බර් 04 වනදා…

    Read More

    ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි ගැන තීරණයක්

    ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවය. මහනුවර නගර සංවර්ධන…

    Read More

    ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ තරගාවලියේ ඊයේ (28) පැවති තරගයෙන්ද විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. වදෝදරාහි BCA ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාව කඩුලු 3කින් පරාජය කළේය. මෙහිදී ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 218ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී තරගයේ අවසන්…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 159 යි මරණ 05 යි..

    අද දින (06) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 159 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 22 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 137 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More