Headlines

    අද සහ හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව…

    Read More

    කුලී ආදායම් බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විවිධ දුර්මත සමාජය තුළ ඇතිවී…

    Read More

    මැතිවරණ දිස්ත්‍රික්ක 22කට කණ්ඩායම් 690ක් තරගයට

    2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද රත්නායක මහතා පැවසීය. වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු…

    Read More

    පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා – අගමැතිනිය

    ඉදිරි පුනරුද යුගයට ගැලපෙන පුරවැසියන් බිහිකිරීමට සමත්, සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ඉසුරුපායේදී අද (20) අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධුරයේ භාර ගනිමින් ඇය මේ බව පෙන්වා දුන්නාය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ…

    Read More

    කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සතුන්ට දැඩි ජීවිත අවදානමක්

    නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම් හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සත්වයින්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ. මේ දිනවල පවතින වාරකන් කාලය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් බොටම් ට්‍රොලින් ක්‍රමය වැනි නීතිවිරෝධී උපක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම සිදුකරන බව වාර්තා වේ. මේ හේතුවෙන් කැස්බෑවුන්, ඩොල්ෆින් වැනි සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව…

    Read More

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් දේශපාලන නායකයෙකු මරුට

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසයි. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ. හමාස් සංවිධානය පවසා ඇත්තේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සලාහ් අල්-බර්ඩවීල් නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ වන බවය. මේ අතර ගාසා තීරය වෙත…

    Read More

    ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදයක්

    සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන  ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ, සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවය. කෙසේවෙතත් එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23…

    Read More

    ට්‍රම්ප් ගැන අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට උපරිමාධිකරණයෙන් තීන්දුවක්

    හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුරයේ සිටියදී සිදුකළ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට අමෙරිකානු උපරිමාධිකරණය තීන්දුකර තිබේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පාර්ශ්ව කිහිපයක් වරින්වර අපරාධ නඩු පැවරීමෙන් පසු තමන්ට ජනාධිපති විනිර්මුක්තියක් ඇතැයි නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව දුන්නේ ඊයේ (01) දිනයේදීය….

    Read More

    IMF කොන්දේසි ගැන අනුරගෙන් ප්‍රකාශයක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව  ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ, එම අරමුදලෙන් ඒකපාර්ශවීයව  ඉවත් වීමට ද තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවය.  “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

    Read More
    අඛණ්ඩව සිව්වන මාසයටත් දෙලක්ෂය ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට

    අඛණ්ඩව සිව්වන මාසයටත් දෙලක්ෂය ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට

    2024 මාර්තු මාස‌ය තුළ දී විදෙස් සංචාරකයින් 209,181ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2023 දෙසැම්බර් මාසයේ සිට මාසිකව දෙලක්ෂයක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි අඛණ්ඩ සිව්වැනි මාසය ලෙසින් පසුගිය මාර්තු මාසය දැක්විය හැකිය. 2024 මාර්තු මාසයේ පැමිණ ඇති මෙම සංචාරකයින් සංඛ්‍යාවත් සමඟම මෙම…

    Read More