Headlines

    රු. බිලියන 12කට අධික මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට

    මෙම මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අද (13) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. පවුල් 1,725,795ක් සඳහා මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී දීමනාව ලබාදීමට නියමිතය. රුපියල්  බිලියන දොලහකට අධික මුදලක් ඒ සඳහා බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.   ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට…

    Read More

    අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න

    අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව නිර්ණායක 12ක් සැලකිල්ලට ගනිමින් සෑම වසරකම ජුලි මස පළමු වනදා බස් ගාස්තු සංශෝධනය සිදු කෙරෙයි. මෙවර ගාස්තු සංශෝධනයේ දී සියයට 5.07කින් බස් ගාස්තු අඩු කරන අතර රුපියල් 30ක්ව පවතින අවම බස්…

    Read More

    ජනපති කොළොන්නාවට

    අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටින බව වාර්තා විය. විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස එහිදී ඔහු නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

    Read More

    රටවල් 6 කින් එන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර නැහැ – විල් ගුවන් සේවා අධිකාරිය..

    එළඹෙන ජූලි පළමු වැනිදා සිට මැදපෙරදිග රටවල් 6 කින් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී ඇති බව සඳහන් වේ. ඒ අනුව බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානය යන රටවල මඟීන් මෙලෙස ගොඩ බැසීමට අවසර ලබා නොදෙන රටවල් ලයිස්තුවට ඇතුළත්…

    Read More

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව දුරගමන් දුම්රිය ධාවනය නොකෙරෙන බව වාර්තා වෙයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රියාවලිය යථාවත්…

    Read More

    රජයේ බංගලා හා ජනපති මන්දිරවලට කරන දේ

    රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම පරිශ්‍රයන් හා…

    Read More

    ශිෂ්‍යත්ව විභාගය ගැන ඉදිරිපත්කළ පෙත්සම් ගැන දුන් නියෝගය

    ඉකුත්දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිටවූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි ආරම්භ විය. යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ…

    Read More

    තානාපතිවරුන්ට ඉලක්ක ලබාදෙයි

    රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි. දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින්…

    Read More

    ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් යාලට..

    දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදා සමාජිකයින් අද (8) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වන බව සංචාරක සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේය. ඒ, ප්‍රංශ තනාපති කාර්යාලය මෙරට විදේශ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලිමකට අනුවයි.  ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ , ඔවුන්ගෙන් 101 දෙනකු යාල වනෝද්‍යානයේ ද 86 දෙනෙකු උඩවලව ජාතික වනෝද්‍යානයේද, 235 දෙනෙකු හබරණ ප්‍රදේශයේ…

    Read More

    බදියුදීන් ගමන් ගත් රථය අනතුරකට ලක්වෙයි

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. මාර්ගයට ප්‍රවේශ වුණු පාපැදිකරුවෙකු රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    Read More