Headlines

    උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකිය. එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි….

    Read More

    යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට

    යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය දිවයිනට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය. අද (16) අලුයම ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. රජයේ ආරාධනාවක් මත Audrey Azoulay මහත්මිය මෙරට සංචාරයේ නිරත වන අතර ඇය ලබන 19 වන දා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය. සංචාරය අතරතුර Audrey Azoulay මහත්මිය ජනාධිපති…

    Read More

    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි..

    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහු සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ රෙගුලාසි කඩ කරමින් සිය සහයිකාවක වන ජිනා කොලඩන්ජෙලෝ නමැත්තිය ප්‍රසිද්ධියේ සිප ගැනීමේ ඡායාරූපයක් එරට මාධ්‍ය මගින් පළ කිරීමත් සමග මෙසේ සිය ඉල්ලා අස්වීම සිදු කර ඇති බවයි. ඔහු සිය ඉල්ලා අස්වීම…

    Read More

    කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (16) සවස 6 අනිද්දා (17) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ. කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බව…

    Read More

    පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට

    10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවේ අදාළ දිනවල පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමෙන්ද ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇති බවය. මේ අතර ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණ කඩිනමින් මැතිවරණ…

    Read More

    E-8 වීසා ගිවිසුම නීත්‍යානුකූල නෑ – විදේශ සේවා කාර්යාංශය

    E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සියකට ශ්‍රමිකයින් මෙම වීසා ක්‍රමය යටතේ කොරියාවට යැවීමට හෝ මුදල් එකතු කිරීමට අවසර දී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. වැඩිදුරටත් අදහස් දැක්වූ කෝශල…

    Read More

    ජනතාව නොපෙළා ආර්ථිකය හදනවා -නාමල්

    රටේ සාමාන්‍ය ජනතාව නොපෙළා ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරගන්නා බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාවතගම ප්‍රදේශයේ පැවැති ආසන රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කරන ආසන රැස්වීම් මාලාවේ මාවතගම ආසන…

    Read More

    මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වයි..

    පසුගිය 22 වනදා  කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක් වූ MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේය. එම අධීකාරයි සඳහන් කළේ, ගින්න නිවා දමා ඇත්තේ නෞකා කාර්ය මණ්ඩලය විසින් බවයි. MSC මෙසීනා නෞකාව දකුණු මුහුදේ මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක්…

    Read More

    නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

    අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර තිබේ. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කරනු ලැබීය.

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-21) – ඊයේ ආසාදිතයින් 543 යි මරණ 02 යි

    අද දින (21) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 543 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 15 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 528 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (20) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More