Headlines

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ අවසන් කටයුතු අද

    අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය. කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන වියෙහි පසුවුණි. මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වනදාය. අරගලකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය…

    Read More

    රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ. හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. අනිද්දා දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය…

    Read More

    අනිවාර්යයෙන් ම පාසල් අධ්‍යාපනයට රජය මැදිහත් විය යුතුයි – නියෝජ්‍ය අමාත්‍ය

    උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන සියලු ම සිසුන්ට එම අවස්ථාව සලසා දීම, රජය සිය වගකීමක් සේ සලකන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි. වාර්ෂික ව උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 300,000ක් පමණ වන අතර එයින් සරසවි සඳහා සිසුන් 175,000ක් පමණ සුදුසුකම් ලැබුව ද එයින් රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් හිමිවන්නේ…

    Read More

    5 ශිෂ්‍යත්වයේ අර්බුදය අවසන්

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා ඊයේ (1) පස්වරුවේ මේ බව පවසා සිටියේය. ඉකුත් සැප්තැම්බර් මස 15 වනදින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ…

    Read More

    13 ගැන කියන්න මෝදි එනකන් බලා ඉන්න ශිවඥානම්

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුලදී ඔහු මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි. අද (13) යාපනය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ වැඩ බලන සභාපති සි. වි. කේ ශිවඥානම් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය. එළඹෙන අප්‍රේල් මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කිරීමට නියමිත…

    Read More

    දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට

    දකුණු කොරියාවේ තෙදිනක් පුරාවට ව්‍යාප්තව යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම සිදුවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඉන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. තවද එම ප්‍රදේශවලින් පුද්ගලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇතැයිද එරට ආපාදා බලධාරීන් පවසයි….

    Read More

    සහන පොලී යටතේ ණය දීමේ වැඩසටහනක් රජයෙන්

    විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, කර්මාන්තකරුවන් වෙනුවෙනි.  මේ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය. කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය. විශේෂයෙන් මෙහිදී 7%,…

    Read More

    ඉන්දියාව iPhone ඇතුළු ස්මාර්ට් ෆෝන් බදු අඩු කරයි

    නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් ගෙන ඇති තවත් පියවරක් වන්නේ ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහත දැමීමය. මෙම පියවර ඍජුවම අමෙරිකානු ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළ වැඩි වශයෙන් අලෙවි වීමට හේතුවනු ඇති බව විශ්වාස කෙරෙයි. ඇපල් අයිෆෝන්වල සමස්ත නිෂ්පාදනයෙන් 10%ත් 12%ත් අතර ප්‍රමාණයත් වාර්ෂිකව ඉන්දියාවට…

    Read More

    ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද නිසල නිවහනට ගිය දඩබ්බරයා

    මිනිසත්කමේ සුවඳ හඳුනාගත් පස්දුන්කෝරලේ හිත හොඳ දඩබ්බරයා, අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදුකෙරුණි. මහා ජන ගඟක සෝ සුසම් මැද ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදීය. හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය…

    Read More

    ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි.

    ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබේ. ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සියළු ගුවන් ගමන් අක්‍රීය වීමත් සමඟ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තාවකාලිකව අත්හිට වූ සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවය නැවතත් අද…

    Read More