Headlines

    ජනගහනයෙන් සියයට 20.3කට පානීය ජලය නෑ

    මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 16.1%කගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වී ඇත්තේ අනාරක්ෂිත ළිඳ බව ද අනාවරණය වී තිබේ. මෙරට ජනතාව භාවිත කරන පානීය ජලය සම්බන්ධයෙන් ජනලේඛන හා…

    Read More

    අද මිලිමීටර් 100ට වැඩි තද වැස්සක්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව…

    Read More

    පාකිස්තානයේ දුම්රියක් බෙදුම්වාදීන් පැහැරගනී

    පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව සිදුවන බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමග පැහැරගෙන තිබේ. බලොකිස්තාන විමුක්ති හමුදාව නම් බෙදුම්වාදී කල්ලිය විසින් මෙය සිදුකර ඇති බව වාර්තා වේ. මෙලෙස පැහැරගෙන ඇත්තේ ක්වෙට්ටා සිට පේෂාවර් බලා කිලෝ මීටර් 1600ක දුරක් ධාවනය වෙමින් පැවති ජෆාර් නම් ශීඝ්‍රගාමී දුම්රිය බව විදෙස් මාධ්‍ය…

    Read More

    රනිල් ඡන්දය ප්‍රකාශ කළ අයුරු

    ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. “මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් මම ඇති කළේ. රට අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දෙ දෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම නතර කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තිබෙනවා.” මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ හැරවුම්…

    Read More

    මාස 9කට පසු ISS හි සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘතුවියට

    මාස 9කට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද (19) අලුයම් කාලයේදී අමෙරිකාවේ ෆ්ලොරිඩා ආසන්න මුහුදට සාර්ථකව ගොඩබැස්වීමට කටයුතු කෙරුණි. ඒ පැය 17ක දිගු ගමනකින් අනතුරුවයි. සනී සහ බුච් පැමිණි යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳි සිටි තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ…

    Read More

    මේ නැකැත් දෙක මතක තියාගන්න – ජනපති

    ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂයටයි. ඒකයි මේ වැටුණු රට අපිට උස්සන්න පුළුවන් වුණේ. රට වැටුණු වෙලාවේ විපක්ෂ නායක විතරක් නෙමෙයි… හැම පක්ෂයම දුවලා…

    Read More

    පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට කුගදාසන්

    ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා නම්කර තිබේ. ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කුගදාසන් මහතා තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය එම කොමිසම මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ දේශය මේ වන විට කොළඹ…

    Read More

    හෙට උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළට

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (22) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු මට්ටමක” පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ…

    Read More

    වෙළෙඳපොළේ පොල් හිඟයක්

    වෙළෙඳපොළ තුළ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමග පොල් මිල පවතින්නේ ඉතා ඉහළ අගයකය. ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 සීමාව දක්වා ඉහළ නැග තිබේ. පාරිභෝගික ජනතාව පවසන්නේ සහල් මෙන්ම පොල් හිඟයක්ද වෙළෙඳපොළේ පවතින බවය. එවන් පසුබිමක ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු, කැකුළු සහල්වලද හිඟයක් පවතී. එමෙන්ම එක්සත් සහල්…

    Read More

    සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ – ජනපති

    සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී…

    Read More