ඇමති විජයදාසගේ නම මැතිවරණ කොමිසමට
ශ්රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තම පාර්ශ්වයෙන් තෝරා පත් කරගත් අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මෛත්රී පාර්ශ්වය පවසයි. ඒ අනුව නිදහස් පක්ෂ වැඩබලන මහලේකම්වරයා විසින් විජයදාස රාජපක්ෂ මහතාගේ නම සහ විධායක සභාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම්…