Headlines

    ශවේන්ද්‍ර ට සේවා දිගුවක්

    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත. ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වේ.

    Read More
    නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි

    නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි

    අධිකරණයට අපහාස කළේ යැයි මේ වනවිට නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග මහතාගේ ඇප ඉල්ලීම මැයි මස 05 වනදා  සලකාබලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ නීතිඥවරයා සඳහන් කළේ…

    Read More

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද

    අද (08) දිනය 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වු අතර, මේ වනවිට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා…

    Read More

    දුම්රිය ප්‍රවේශපත්‍රය ඩිජිටල් වෙයි

    මෙරට ප්‍රථම වරට දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට www.pravesha.lk ලෙස නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ පවසන්නේ කෙටි දුර ගමන් ගන්නා දුම්රිය මගීන්ට සිය ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මේ තුළින් මිලදී ගත හැකි බවය.  මෙහි පළමු අදියරේදී වාර ප්‍රවේශපත්‍ර…

    Read More

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බවය.

    Read More

    මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය පසුකරයි – ඊයේ ආසාදිතයින් 354 යි මරණ 01 යි..

    අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 342 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    විශ්මි ගුණරත්නගෙන් වාර්තාවක්

    සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න ඊයේ (16) සමත් වුණි. ඒ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදීය. මේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හැරෙන්නට එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට ද විශ්මි ගුණරත්න සමත් වුණි. අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 101ක් රැස්…

    Read More

    රෙහාන් ජයවික්‍රම දේශපාලනයෙන් සමුගනියි

    තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි. සිය X පිටුවේ සටහනක් සටහනක් තබමින් ඔහු පැවසුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවය. දිගින් දිගටම සිදුවන මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලනයේ තමන් ඉතා දුෂ්කර ගමනක් පැමිණියත්, මෙතැන් සිට තම…

    Read More

    ‘ටාසන්’ ගුවන් අනතුරකින් මරුට..

    ලෝ ප්‍රකට ‘ටාසන්’ චිත්‍රපටි මාලාවේ ‘ටාසන්’ චරිතයට ⁣පණ පෙවූ සිනමා නළු ජෝ ලාරා ගුවන් යානා අනතුරකින් මිය ගොස් ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ බිරිඳ ඇතුළු 07 දෙනකු සමග ඔහු ගමන් ගත් කුඩා ගුවන් යානය අමෙරිකාවේදී ටෙනසි ප්‍රාන්තයේ විලකට කඩා වැටී ඇකි බවයි. එහි සිටි සියළු මඟීන් ජීවිතක්ෂයට පත් වී ඇති බව…

    Read More

    අර්තාපල් සහ ලූනු සඳහා වන විශේෂ ආනයන බද්ද වැඩි කරයි

    අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10 කින්ද, රුපියල් 10ක්ව පැවති ආනයනික බීලූනු බද්ද රුපියල් 30 දක්වා රුපිය්ල 20 කින්ද…

    Read More