Headlines

    පොලිස්පති, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති මැතිවරණ කොමිසමට කැඳවයි

    ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ පාර්ශව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවය. ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතව…

    Read More

    විභාගය අතරතුර ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් දැමූ ගුරුවරයා අත්අඩංගුවට

    මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිටින බවටද මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ. අධ්‍යයන පොදු…

    Read More

    මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ…

    Read More

    පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය – 239,576සමගි ජන බලවේගය – 65,679නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 15,741ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  14,624එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -9,490 ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිවිය.

    Read More

    දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල විවෘත කෙරේ..

    දකුණු ආසියාවේ ඉදිකළ “විශාලතම” ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොළොන්නරුවේදී අද(11) ජනතා අයිතියට පත් කෙරුණි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හි⁣ටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම රෝහල ඉදිකර ඇත්තේ චීන පරිත්‍යාගයක් මඟින් වන අතර  රෝහල ඇඳන් 200 කින් හා රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් අධිතාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 05ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත…

    Read More

    අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම  ජාතික අභියෝගවලට මුහුණදීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙරට තාක්ෂණික, වෘත්තීය…

    Read More

    ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

    සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා…

    Read More

    ආගමන විගමන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද (12) පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පවත්වන බවය. ඒ අනුව ගුවන්තොටුපොළ හා වරායේ සේවය කරන නිලධාරීන් කළු පටි පලඳිමින් අද රාජකාරියේ නිරත වුණි. ආගමන විගමන නිලධාරී හිඟය නිසිකලට…

    Read More

    ලිලී කුමරියට රජ මාළිගයෙන් සුබ පැතුම්..

    හැරි – මේගන් යුවළ  සිය දෙවන දරුවාගේ උපත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දෙවන එළිසබත් මහ රැජිණ  ඇතුළු රජ පවුලේ සාමාජිකයින් බෙහෙවින් සතුටට පත් වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය සිකුරාදා (04) කැලිෆෝනියාවේ සැන්ටා බාබරාහි රෝහලකදී  මේගන් කුමරිය සිය දෙවන දරුවා ලෙස බිළිඳියක ප්‍රසූත කර ඇති අතර හැරි ‌- මේගන්…

    Read More

    අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් ය.  එසේම, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී…

    Read More