Headlines

    ඩෙන්මාර්ක කොරෝනා ප්‍රභේදය ආසාදිත තිදෙනෙකු කොළඹින් – ඊයේ ගම්පහින් ආසාදිතයින් දෙදෙනෙක් පමණයි..

    අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 221 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 31 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 190 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි

    බස්නාහිර පළාතේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා දිනයෙන් පසු ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. රට විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේය. සඳුදා පෙරවරු 5 වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව…

    Read More

    පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

    සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කෙරෙයි. සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ. නැවත පාසල් ආරම්භය සැප්තැම්බර් 23 වන දිනයේදී සිදුවන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

    Read More

    ඩොලරයේ මිල 200 පනී..

    මහ බැංකු වාර්තා අනුව ඇමෙරිකානු ඩොලරයක විකුනුම් මිල ඊයේ (16) දින රුපියල් 200.06 ලෙස ඉහළ ගොස් තිබේ. එහි දී  ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 195.28 ලෙසය. ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ මෙම වසරේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 200 සීමාව ඉක්මා ගොස් ඇත්තේ ඊයේ (16) දිනයේ බවයි. 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලරයට…

    Read More

    දේශබන්දු අධිකරණය හමුවට

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. ඒ, අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ය. අරගල සිද්ධීන්වලින් පසුව මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට සුදුසු පොලිස් ස්ථාන ලබානොදීම සම්බන්ධයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔවුන්ගේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කර තිබුණි. එම…

    Read More

    ඔස්ට්‍රේලියාවට යන අයට ජුලි සිට නව නීති

    ජුලි මස පළමු වනදා සිට වීසා නීති දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳීසිටිමින් ශිෂ්‍ය වීසා ලබාගැනීමට දී තිබූ අවස්ථාව මින් ඉදිරියට අහිමි වේ. යුද ගැටුම් සහ දරිද්‍රතාව හේතුවෙන් දහස් ගණන් පිරිස් රටින් පළාගොස් සමෘද්ධිය පතා ධනවත් රටවල රැකවරණ ඉල්ලා සිටින අතර, තවත් විශාල පිරිසක් සංවර්ධිත…

    Read More

    බ්‍රිතාන්‍ය යුද පිටියක් වෙයි 

    එංගලන්තය පුරා පැතිරයන කෝලාහල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද (05) බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මීට දින කිහිපයකට ඉහතදී 17 හැවිරිදි…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (02) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.000 දක්වා ක්‍රියාත්මක බවය. ඒ අනුව අදාළ ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම නිවේදනයක් නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ….

    Read More

    කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම පහළට

    කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලුඔය මේ වන විටත් අවදානම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළාය. මේ නිසා ගංවතුරේ බලපෑම් එල්ල වූ ගම්පහ, ජාඇළ, වත්තල, මිනුවන්ගොඩ, කටාන යන ප්‍රදේශවල ජල මට්ටම අද දිනයේ ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මේ අතර කැලණි ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ…

    Read More

    ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණි.  මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවෙන් ඉවත්වන බව අද පෙරවරුවේ දැනුම් දුන්නේය.  ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන්…

    Read More