Headlines

    ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්

    ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් වෙයි. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා තිබේ.

    Read More

    ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට මෙරටට

    ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා හි කෝවිෂීල්ඩ් එන්නත හදිසි භාවිතය සඳහා ශ්‍රී ලංකාව සිකුරාදා (22) අනුමත කළේය. ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට(28) මෙරටට රැගෙන ඒමට නියමිතය. ඉන්දියාව විසින් එන්නත් 500,000 ක් ශ්‍රී ලංකාවට යවන බව හා ඒවා හෙට(28) වනදා පැමිණෙන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුම්…

    Read More

    අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

    අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

    Read More

    උද්ධමනය තවත් අඩුවෙයි

    2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8%ක් ලෙස වාර්තා වී තිබුණි. 2024  නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)…

    Read More

    එන්නත් බෙදා හැරීමට ඇමෙරිකාව සූදානම්..

    ඇමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 80ක් ගෝලීයව බෙදා හැරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකාව සතු අතිරික්ත එන්නත් මෙලෙස බෙදා හැරීමට සැලසුම් කර තිබෙන බවයි. ඒ අනුව ෆයිසර් , බයෝටෙක්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20 ක් සහ ඇස්ට්‍රසෙනෙකා මාත්‍රා මිලියන 60ක් එලෙස බෙදා දීමට…

    Read More

    අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් 

    මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද සහ හෙට දිනවල දී සාමාන්‍ය දුම්රිය ධාවන වාරයන්ට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය සදහා යොදවා ඇති බවය.  ඒ අනුව විශේෂ දුම්රිය වාර 7ක් සැලසුම් කර…

    Read More

    ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද නිසල නිවහනට ගිය දඩබ්බරයා

    මිනිසත්කමේ සුවඳ හඳුනාගත් පස්දුන්කෝරලේ හිත හොඳ දඩබ්බරයා, අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදුකෙරුණි. මහා ජන ගඟක සෝ සුසම් මැද ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදීය. හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය…

    Read More

    ට්‍රම්ප්ගේ අලුත්ම විධායක නියෝගය

    සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. ඒ ඊට අදාළ විධායක නියෝගය ඊයේ (05) අත්සන් තබමිනි. එම අවස්ථාවට ළාබාල ක්‍රීඩිකාවන් පිරිසක් ද එක්ව සිටියේය. මෙය ජනවාරි 20 වනදා ඔහු බලයට පත්වීමෙන් පසු අත්සන් කළ සිව්වන විධායක නියෝගය බව සඳහන් වේ. මෙහිදී අගෝස්තු මාසයේ පැරිස් ඔලිම්පික් උළෙලේ ලිංගභේදය…

    Read More

    විශ්‍රාමිකයන්ට රු 3000ක විශේෂ මාසික දීමනාවක්

    රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,  “රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක්…

    Read More

    2025 සඳහා පාසල් නිල ඇඳුම් චීනයෙන්

    2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වේ.  එම සම්පූර්ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.  මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය…

    Read More