ජුලම්පිටියේ අමරේ ට පැනවූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය තහවුරු කරයි
තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද (20) තහවුරු කළේය. විනිසුරු පී. කුමාරන් රත්නම් මහතාගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි. ඔහු, 2012 වසරේ කටුවන ප්රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරාදමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ…