Headlines

    දුම්රිය ධාවනයට බාධා

    ප්‍රධාන මාර්ගයේ සහ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. අද (16) උදෑසන කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රියේ ප්‍රධාන නියාමක මහතා දුම්රියෙන් ඉවතට විසිවී සිදුවූ අනතුරක් හේතුවෙන් එම දුම්රිය මේ වනවිට ගම්පහ දුම්රිය ස්ථානයේ නවත්වා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.  ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව සඳහන්ය. ගනේමුල්ල…

    Read More

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ඉහළ යාමක් 

    2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත.  මෙය 7.9% ක…

    Read More

    ඇපල් දුරකථනවලට Chat GPT එකතු වෙයි

    AI තාක්ෂණයේ පෙරමුණ ගැනීමට ප්‍රධාන පෙළේ තාක්ෂණ සමාගම් අතර තියුණු තරගයක් ඇති වී තිබෙන මොහොතක අමෙරිකානු ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට කටයුතු කරමින් සිටී.  ඒ අනුව ඊයේ පැවති ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී (Developers Conferance) ප්‍රකාශ වුණේ ඇපල් සමාගමේ මීළඟ අයිෆෝන් නිෂ්පාදනය AI නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන් සන්නද්ධ කෙරෙන බවය.  විශේෂයෙන්…

    Read More

    විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න  – ජනපති

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර…

    Read More

    සමාජ මාධ්‍ය නිසා දේශපාලකයාට සිදුවු දේ අනුර කියයි

    ‍රටට යහපත් දේශපාලනයක අවශ්‍යතාව පවතින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින දේශපාලන ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවය. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. “අපේ රටේ දේශපාලනය ගැනයි, දේශපාලකයෝ ගැනයි ජනතාවට තියෙන්නේ අප්‍රසන්න බවක් වගේම පිළිකුලක්….

    Read More

    නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැනුම්දීමක්

    10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙතන බව පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය…

    Read More

    ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන 

    ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. “යහපත් රාජ්‍යක් ගොඩනගනවා නම් එහි ප්‍රධානම පදනමක් බවට නීතියේ විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි. ඒ නිසා අපි රාජ්‍යක් හැටියට ජනාධිපතිවරයා ලෙසත්…

    Read More

    ඉෂාරා ගැන බොරු තොරතුරු දුන් අයෙකු රිමාන්ඩ්

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව කර සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නැමැති සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. සැකකරු අධිකරණයට…

    Read More

    මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ව රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

    මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදුන්නේය. අත්අඩංගුව ගත් සැකකරුවන්ගෙන් අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් ප්‍රශ්නකිරීමට ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇත. ඒ අනුව සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ. ඉකුත් 18වනදා සිදුකළ මෙම…

    Read More

    ඇඹුල්දෙණියගෙන් විශිෂ්ට පන්දුයැවීමක් – එංගලන්ත කණ්ඩාමේ පළමු ඉනිම ලකුණු 344කට සීමාවෙයි

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හතරවැනි දිනටත් අද (25) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ඊයේ (24) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කිරීමට සමත්විය. ඒ මෙම තරඟයේ දී ලකුණු 132කට කඩුලු 07ක් දවා ගනිමිනි. මෙය ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5 සීමාව පසු කළ තුන්වැනි අවස්ථාවයි….

    Read More