කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු හෙට.
”ඇවිදින පුස්තකාලය” යන විරුදාවලිය ලත් කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු හෙට (25) ප.ව 5.00 ට සිදු කෙරෙනු ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි. ඒ අනුව අද (24) පෙ.ව 10.00 සිට හෙට ප.ව 3.30 දක්වා ඒ මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි….