Headlines

    මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් මරුට

    මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගොස් තිබේ. උප ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වූ ගුවන්යානය කඩාවැටි තිබුණේ එරට චිකන්ගාවා නම් වනාන්තරයට ය. අයහපත් කාලගුණය මැද පියාසර කළ ගුවන්යානය රේඩාර් පථයෙන් අතුරුදන් වූයේ ඊයේ උදෑසනය. ඒ ලිලොන්ග්වේ අගනුවර ගුවන්තොටුපොළින් පියාසැරිය ආරම්භ කළ සුළු මොහොතකිනි. යානයේ සුන්බුන් හමුවූයේ පැය 24කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු…

    Read More

    විජිත හේරත් අගමැති හරිනිගේ වාර්තාව අලුත් කරයි

    2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. එය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන අතර ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවද වේ. මීට පෙර මැතිවරණයක දී එම වාර්තාවට හිමිකම් කිවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා…

    Read More

    මිනුවන්ගොඩ ඇඟලුම් මනාලිය බලන්න ගිය 14ක් නිරෝධායනයට

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන තරුණියක බැලීමට විවාහ යෝජනාවකට අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයට ගිය බියගම  සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි තරුණයකු ඇතුළු දාහතරදෙනකු පී.සී.ආර්. පරීක්ෂණ කර ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවැසිය. කලින් කතා කරගත් පරිදි තම නෑදෑ පිරිස සමඟ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මනාලියක් බැලීමට ඉතුත් 2 වැනිදා ගිය මෙම පිරිස…

    Read More

    සුප්‍රකට ඇපල් සමාගමේ අලෙවිය පහත වැටෙයි

    අමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර ඇත. මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. අයිෆෝන් අලෙවිය සියයට 10කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබේ….

    Read More

    අධිකරණයට අපහාස කළ බවට මෛත්‍රී ට චෝදනාවක්

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.  පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු…

    Read More

    අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවෙන් විශේෂ නිවේදනයක්..

    රටම කම්පා කරමින් 2019 වර්ෂයේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල වු ප්‍රහාරයක් බැවින් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා බලධාරින් පෙළඹවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොළඹ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය ඉටු කිරීමේ ස්වාධීන වැඩපිළිවෙළ අඩාල කරන…

    Read More

    පළමු සඳ තරණයේ මෙහෙයුමේ කටයුතු කළ ගගනගාමියා මිය යයි..

    පළමු සඳ ගමනට එක් වූ ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිය යනවිට මයිකල් කොලින්ස් වයස අවුරුදු 90 ක් බවයි. මයිකල් කොලින්ස් 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග ඇපලෝ 11 යානයෙන් පළමු සඳ තරණය කිරීමේ ගමනට එක්වුණි. මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද…

    Read More

    බිත්තර ගැන රජයෙන් අලුත් තීරණයක්

    මෙරට බිත්තර මිල පාලනය කිරිම සදහා යළිත් වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය. ඔහු පෙන්වාදෙන්නේ බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබාදී ඇති බවය.

    Read More

    IMF ගිවිසුම ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කරයි 

    ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය  විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම දැනටමත් යම් ප්‍රමාණයකට සමාලෝචනය කර ඇති අතර ඇතැම් බදු සහන ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ සඳහා උපයන විට ගෙවන…

    Read More

    බස් ගාස්තුව ගැන ගත් තීරණය

    ඉන්ධන මිල අඩු වුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ, ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට ප්‍රමාණවත්  ඉන්ධන මිල අඩුවීමක් සිදුව නොමැති බවය. පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්ද, සුපර්…

    Read More