Headlines

    වසර 02ක් සපිරෙන මැයි 09 සිද්ධිය ගැන අද ඇසුණු කතාව

    මෙරට දේශපාලනයේ වෙනසකට හේතුවූ මැයි 9 වනදා භීෂණයට අදට (09) වසර දෙකක් සපිරෙයි. 2022 මැයි 9 වනදා දහවල් ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිදුවීමක් මුල්කරගනිමින් එදින පස්වරුවේ ඇතැම් කණ්ඩායම් දිවයිනේ ස්ථාන රැසක ප්‍රචණ්ඩව කටයුතු කළේය. ඒ අනුව, පොළොන්නරුව බලා යමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුවේදී අමානුෂික…

    Read More

    පාස්කු ප්‍රහාරය ගැන දන්න තොරතුරු දුන්නා -සිරිල් ගාමිණී පියතුමා

    “ඥානාර්ත ප්‍රදීපය” කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ. එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කර සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවය….

    Read More

    මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවය. මහ…

    Read More

    මානව හිමිකම් කොමිසමෙන් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක්

    පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේ දී සහ පොලීසිය සමග හටගත් ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. 2025 අංක 1 දරණ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ යටතේ පොලීසිය වෙත මෙය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය….

    Read More

    වරාය නගර පනත් කෙටුම්පත‌ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද දෙවැනි දිනටත් ඇරඹේ..

    අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දෙවැනි දිනටත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් සලකා බැලීම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වී තිබේ. ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සළකා බැලේ. එහි දී…

    Read More

    ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා

    මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මින් එක සාකච්ඡාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක අවස්ථා දෙකක දී පවත්වා ඇති බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වු ආකාරයට වත්මන් ආණ්ඩුවටත් කටයුතු කළ…

    Read More

    රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නෑ- යුද හමුදාපති..

    පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ එළඹෙන සති අන්තයේ රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බව  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය පිළිබඳව පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා, සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවත් ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, එළඹෙන…

    Read More

    සහන පොලී යටතේ ණය දීමේ වැඩසටහනක් රජයෙන්

    විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, කර්මාන්තකරුවන් වෙනුවෙනි.  මේ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය. කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය. විශේෂයෙන් මෙහිදී 7%,…

    Read More

    හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පෙරවරු 10යි 17 ට යෙදී තිබුණි. ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත්‍ර යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන්…

    Read More

    ශ්‍රී ලංකාවට ආ මෝදි සිංහලෙන් සහ දමිළ බසින් තැබූ X සටහන

    තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් සටහනක් තබා තිබේ.  එහි දැක්වෙන්නේ, “කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේදී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීයයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් සඳහා අපේක්ෂාවෙන් පසු වෙමි.” යනුවෙනි. ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය…

    Read More