Headlines

    ශ්‍රී ලංකාව ලොව කොවිඩ් පාලනය ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍කරන හොඳම රටවල් අතර 10 වන ස්ථානයට

    ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කල රටවල් අතර ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා.  ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ ආයතනයක් වන Lowy ආයතනය විසින් මෙම සමීෂණය සිදුකොට ඇති අතර ඒ සඳහා ඔවුන් සැලකිල්ලට ගෙන ඇත්තේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම්,මරණ අනුපාතය සහ සුවවීමේ ප්‍රතිශතය ආදී දත්ත වාර්තාවන්ය. මෙහි ප්‍රථම ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය,තායිවානය…

    Read More

    මියන්මාරයේ තත්වය තව තවත් දරුණු අතට – ඊයේ ජීවිත 38ක් වෙඩි උණ්ඩ වලට බිලි වේ..

    මෙම වසරේ පෙබරවාරි 1 දින මියන්මාර හමුදා කුමන්ත්‍රණය සිදු වූ දා සිට මේ දක්වා එරට වැසියන් අඛණ්ඩ විරෝධතා ක්‍රියාත්මක කළ අතර  විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ නායිකාව වන අවුන් සාන් සුකී නිදහස් කර නැවතත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන ලෙසය. නමුත් හමුදා පාලකයින්ගෙන්  විරෝධතාකරුවන්ට ලැබෙන ප්‍රතිචාරය දිනෙන් දින දරුණු අතට හැරෙන අතර විරෝධතාකරුවන්ට උත්තර ලැබෙනුයේ වෙඩි උණ්ඩ වලිනි. ඊයේ…

    Read More

    සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන පැමිණිලි

    මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති බව සඳහන් ය. විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ…

    Read More

    ලංකාවට එවන කොවිඩ් – 19 එන්නත් තොගය සූදානම් – ඉන්දියාව දන්වයි

    ඉන්දීය දේශීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඉදිරි සති හා මාස වලදී හවුල්කාර රටවල් සඳහා ඉන්දියාව විසින් කොවිඩ් -19 එන්නත ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට බදාදා (20) සිට ආධාර යටතේ කොවිඩ් -19 එන්නත ලබා දෙන බව ඉන්දියාව අඟහරුවාදා (19) නිවේදනය කළේය. එන්නත් සැපයීම සඳහා ශ්‍රී…

    Read More

    රූපරැජින ලෙස කිරුළු පැළඳ මිනිත්තු කිහිපයකින් කිරුල අහිමි වී ගිය රුවැත්තී..

    ශ්‍රී ලංකා විවාහක රූරැජින තරඟාවලිය ඊයේ (04) පැවති අතර එහි විවාහක රූරැජින ලෙස කිරුළු පැළද මිනිත්තු කිහිපයකින් එම කිරුළ අහිමි වීම පිළිබඳ ලංකාවේ බොහෝ දෙනෙකු කතා වේ. ඇය නමින් පුෂ්පිකා සඳමාලි ද සිල්වා වේ. ඇගේ උපන් ගම පොළොන්නරුව වන අතර ඇය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස ද කිරුළු පැලඳ ඇත. එහි දී ඇගේ උපන්…

    Read More

    තවත් කණ්ඩායමක් වර්ජනය අත්හරී

    විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ.  ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය කර ඇති බව වාර්තා වේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාස 2කකට අධික කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරතව…

    Read More

    ජපානයේ බිහිසුණු අනතුරක්

    ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව තිබේ. ඉෂූ දූපත් ප්‍රදේශ ආශ්‍රිත පැසිෆික් මුහුදේ සබ්මැරීන් නිරීක්ෂණය සම්බන්ධ පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරින් මියගිය එක් හමුදා සාමාජිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර සෙසු පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ජපාන…

    Read More

    ක්ලබ් වසන්ත ඝාතනයේ හෙළි වන රහස්

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට…

    Read More

    මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

    මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබේ. එමගින් දන්වා ඇත්තේ එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ගෙවන ලෙසටය.

    Read More

    තාවකාලිකව නතර වූ උසස් පෙළ විභාගය හෙට සිට යළි ඇරඹෙයි

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය පසුගිය 25 වන දින ආරම්භ වූ අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමග 27 වනදා සිට විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගනු ලැබීය. ඒ අනුව යළිත්…

    Read More