Headlines

    දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

    ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය සහ තවත් ගැටලු කිහිපයක් මූලික කරගනිමින්, ඊට අදාළ විසඳුම් ඉදිරි දින 14 ඇතුළත ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. ඒ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය,

    Read More

    විධායක ජනපති ලෙස තේරීපත් වූ අනුර කරන්න යන වෙනස

    රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බව ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ අද (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නව ජනාධිපති…

    Read More

    නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇතුළු පිරිසක් ගෑස් සිලින්ඩරයෙන් එයි

    එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණ කර තිබේ. මේ බව අද (04) පස්වරුවේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    Read More

    කොලොම්බියා ජනපතිට වෙඩි ප්‍රහාරයක්..

    කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් හා  තවත් ප්‍රභූන් කිහිප දෙනෙකු ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි,ජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලා දේශසීමාව ආසන්නයෙන් පියාසර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානයට මෙම වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙන අතර ජනාධිපතිනරයට අමතරව එරට ආරක්ෂක අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයෙකු එම යානයේ සිටි බව සඳහන්…

    Read More

    ක්ලබ් වසන්ත එලොව යැවූ අභිරහසේ භාගයක් හෙළිවෙයි ?

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. පොලීසිය පවසන්නේ වසන්ත ඝාතනය වෙනුවෙන් ලොකු පැටී, දුලාන්ව ඉත්තෙක් ලෙස පාවිච්චි කර ඇතැයි විමර්ශන අනුව පෙනීයන බවය. ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි. එම අවස්ථාවේ එහි…

    Read More

    තව තවත් අවප්‍රමණ වන රුපියල..

    රුපියල තවත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 204 . 62 ක් ලෙස දක්නට ලදී. තව ද බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 283.39 ලෙසත් යූරෝ එකක විකුණුම් මිල රුපියල් 245 යි…

    Read More

    මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් නිව්යෝර්ක් නගරයේ පාලමක ගැටෙයි

    අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ. එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට ඇති අතර…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 2,859ක්..

    ගෙවුණු දිනය (30) තුළ කොවිඩ් අසාදිතයින් 2,859 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය. ඊයේ (30) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

    මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු පැවසීය. එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ. මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වෙයි. මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි…

    Read More

    ජේ ආර් පී සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය.

    Read More