Headlines

    දේශීය සිනමාව නඟාසිටුවීමට රජයෙන් සහන

    ඊයේ (08) පස්වරුවේ චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවිය. ඒ දේශීය සිනමා කර්මාන්තය වර්තාමානයේ පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහාය. ඒ අනුව දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව හිමිව…

    Read More

    ග්‍රහලෝක 6ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්

    ‍ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ  සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක එකම පොදු මාර්ගයක දැකගැනීමේ හැකියාව පවතින බවය. මේ දිනවල හිරු බැසයාමෙන් විනාඩි 90ක් ඇතුළත…

    Read More

    මුද්‍රිත පොත් වැට් බද්දෙන් නිදහස් කරන්න යැයි ඉල්ලීමක්

    මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුධයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි. ‘2024 ජනවාරි මාසයට පෙර පැවති ලෙස පොත් වැට් බද්දෙන් නිදහස් කරගනිමු’ යනුවෙන් එම සංගමය අද (10) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර සිටියේය. මෙම බදු පැනවීම හේතුවෙන් සමස්ත සමාජයට,…

    Read More

    පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දිගු කෙරේ

    පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වංගු කාලය දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්,  අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවය. එහි මීට පෙර සඳහන්ව ඇත්තේ, 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බවය

    Read More

    සර්වජන බලයේ කොළඹ පුරපති අපේක්ෂක හසන් අලාල්ඩීන්

    සර්වජන බලය පක්ෂය වෙනුවෙන් හසන් අලාල්ඩීන් මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස තරග වැදීමට නම් කර තිබේ. අලාල්ඩීන් මහතා මීට පෙර සර්වජන බලය විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස මෙන්ම මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කර තිබේ. දෙහිවල ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ පැවති ඉස්ලාම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවයකදී මේ බව ප්‍රකාශයට පත්කර ඇත. මෙම අවස්ථාවට සර්වජන බලය…

    Read More

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි..

    දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි. මේ අතර දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් – පළාත් 03 කට ප්‍රබල අකුණු..

    මේ වන විට රටේ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 3ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මහනුවර, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ…

    Read More

    සත්ත්ව සංගණනයේ වාර්තාව හෙට – සතුන් කළමනාකරණයටත් වැඩපිළිවෙලක්

    වන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, වගා හානි සිදුකරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ සංගණනයේ වාර්තාව හෙට (28) දිනයේ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවය.  මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ…

    Read More

    උස්වැටකෙයියාවේ වෙරළ තීරයේ වෙඩිතැබීමේ සිද්ධියට 07ක් අත්අඩංගුවට

    ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සැඟව සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය….

    Read More

    ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගන්න අලුත් ගැසට් පත්‍රයක්

    මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම නියෝග 2024 ස්ථීර වාස වීසා පත්‍ර නියෝග ලෙස හදුන්වා ඇති බව සඳහන් වෙයි. ඒ…

    Read More