Headlines

    ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

    Read More

    ඡන්දය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අදත්

    ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදී ද බස් රථ යෙදවීමට පියවර  ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ උදෑසනම පැමිණ සිය ගමනාන්ත වෙත ගමන් කිරීමට පියවර ගන්නා ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්…

    Read More

    දුම්රිය ප්‍රවේශපත්‍රය ඩිජිටල් වෙයි

    මෙරට ප්‍රථම වරට දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට www.pravesha.lk ලෙස නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ පවසන්නේ කෙටි දුර ගමන් ගන්නා දුම්රිය මගීන්ට සිය ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මේ තුළින් මිලදී ගත හැකි බවය.  මෙහි පළමු අදියරේදී වාර ප්‍රවේශපත්‍ර…

    Read More

    විධායක ජනපති ලෙස තේරීපත් වූ අනුර කරන්න යන වෙනස

    රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බව ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ අද (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නව ජනාධිපති…

    Read More

    අවුරුදු සහන මල්ලට මැතිවරණ කොමිසමෙන් වාරණයක්

    සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත. මෙවර අයවැය…

    Read More

    ජනවාරි තුන්වන සතියේ සිට වී මිලදී ගැනීමට රජය සූදානම් වෙයි

    ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි. වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා සඳහන් කළේ ලක්ෂ තුනක ප්‍රමාණයක් වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය. ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සතුව බහුතික ප්‍රතිපාදන පවතින බවද සඳහන් කරන ඒ මහතා ඉතා ඉක්මනින් ඊට අදාළ…

    Read More

    සුවිශේෂී ගෝලීය සිදුවීම් දේශනයට සූදානමින් රනිල් නවදිල්ලියට

    සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන ⁣හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ දේශනය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේදී මෙම දේශනය පැවැත්වෙයි. ⁣මීට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. මෙම වැඩසටහන සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය…

    Read More

    සීදුවේ ඉදිකළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට..

    සීදූව ප්‍රදේශයේ ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේ ය. පෞද්ගලික ආයතනයක් විසින් යුද හමුදාව වෙත ලබාදුන් ගොඩනැඟිල්ලක ඉදිකෙරුණු මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන වාට්ටු 03කින් සමන්විත අතර මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එකවර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200කි. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකග්‍රතාව සුරැකෙන පහසුකම්…

    Read More

    දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් අද (10) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , රත්නපුර දිස්ත්‍රික්කය රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ, අංගම්මන ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය මහර පොලිස් බල ප්‍රදේශයේ, ඇ⁣ටිකෙහෙල්ගල්ල බටහිර කටාන පොලිස් බල ප්‍රදේශයේ, KC සිල්වා ග්‍රාම…

    Read More

    ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසදනය වී මිය ගිය පළමු වෛද්‍යවරයා – ගයාන් දන්තනාරායන

    රාගම මහ රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී අද (02) උදෑසන මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරේය. කොළඹ, නුගේගොඩ ලයිසියම්  ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය…

    Read More