Headlines

    හෙට විදුලි කප්පාදුවක් නෑ

    හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවය.  පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ඊයේ සහ අද දිනයේ…

    Read More

    සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම සිට

    2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයදුම්පත් අද (05) සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවය. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය. පෞද්ගලික අයදුම්කරුවන්…

    Read More

    කබ්රාල් ඇතුළු පිරිස නිදහස් කෙරේ

    2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු…

    Read More

    හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

    රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2027 වසර…

    Read More

    ඉදිකෙරෙන මධ්‍යම අධිවේගයේ ආධාරකයක් කඩාවැටෙයි

    ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසකි. ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ පස්වරුවේ මෙම කොන්ක්‍රීට් ආධාරකය කඩා වැටී ඇති බවය.

    Read More

    හරිනි අගමැති ධුරයේ වැඩ අරඹයි

    නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තාය. ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වේ. එමෙන්ම අගමැති ධුරයට පත්වූ තුන්වැනි කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය සැලකෙයි.

    Read More

    නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකියි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අද පැවැත්වුනි. එය නම්කර ඇත්තේ ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි. ඊළඟ වසර 10 ඇතුළත දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කිරීමට තමන් අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඔහු පැවසුවේ රට ඩිජිටල්කරණයට ලක් කිරීම තුළින් මෙරට…

    Read More

    TIN අංකය තවමත් ක්‍රියාත්මක නැහැ – මුදල් කාරක සභාවේ දී හෙළිවෙයි

    මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී. නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු…

    Read More

    සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

    ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය. ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

    Read More

    හොදම මාස්ක් එක මොකක්ද? – දැනගෙන මාස්ක් පදිමු…

    රෙදි මාස්ක් එක හොදද? සර්ජිකල් මාස්ක් එකද KN95 එකද වඩාත්ම හොද? මේවා අපි හැමෝටම මාස්ක් ගැන තියෙන ගැටලු. ඉතා සියුම් නූල් අපිළිවෙළට සෑම තැනකම වියූ කෙදි සමූහයක් වශයෙන් සර්ජිකල් මාස්ක් එකක අන්තර්ගතය සකස් වෙනවා. මෙවැනි ලේයර දෙකක් තුනක් එකතු කර ඉතාම කුඩා අංශුවකට පවා ඒ හරහා ගමන් කළ නොහැකි ලෙස තමයි මේ සර්ජිකල් මාස්ක් නිර්මාණය…

    Read More