Headlines

    ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවෙයි

    ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව ප්‍රකාශ කළේය.

    Read More

    පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාවට විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

    එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

    Read More

    වසර 02ක් සපිරෙන මැයි 09 සිද්ධිය ගැන අද ඇසුණු කතාව

    මෙරට දේශපාලනයේ වෙනසකට හේතුවූ මැයි 9 වනදා භීෂණයට අදට (09) වසර දෙකක් සපිරෙයි. 2022 මැයි 9 වනදා දහවල් ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිදුවීමක් මුල්කරගනිමින් එදින පස්වරුවේ ඇතැම් කණ්ඩායම් දිවයිනේ ස්ථාන රැසක ප්‍රචණ්ඩව කටයුතු කළේය. ඒ අනුව, පොළොන්නරුව බලා යමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුවේදී අමානුෂික…

    Read More

    ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

    Read More

    ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව…

    Read More

    ගියවරට සාපේක්ෂව සජිත්ගේ මනාප ගණන අඩුවෙයි

    එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ පවත්වා තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වී ඇති බව සදහන් වේ. මෙහිදී ඉදිරි මැතිවරණ වල දී එක්සත් ජාතික පක්ෂය අලියා…

    Read More

    e-වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වා ලබමින් අතුරු තහනම් නියෝගයක්

    විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාටලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත්…

    Read More

    කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණ නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් තීන්දුව ලබාදුන්නේය.

    Read More

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (18) උදෑසන 9.00ට එම නිවේදනය නිකුත් කර ඇත. අදාළ නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී තිබේ. නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන්…

    Read More

    ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

    මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළේ කොළඹ, කළුතර, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බවය. “ඉදිරියේදී මෙම ප්‍රමාණය අඩු කරගැනීමට අවශ්‍ය වැඩකටයුතු කරනවා. කොළඹ, කළුතර, ගම්පහ හැරුණු විට මේ සති කිහිපය තුළ මහනුවර, ගාල්ල,…

    Read More