Headlines

    උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

    රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී මෙම හමුව පැවැත්වුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේය. විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී  අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුව ඇත. මෙම සාකච්ඡාව සඳහා…

    Read More

    ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස දැන් කල යුතු දේ GMOA කියයි

    අද වන විට දිස්ත‍්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඇතැම් පොකුරු ආරම්භ වූයේ කෙසේදැයි සම්බන්ධතාවයක් සොයාගත නොහැකි තත්වයකට පැමිණ තිබෙන බවයි. ඒ අනුව සමාජය තුළින් අහඹු ලෙස ආසාදිතයන් හමුවෙමින් ඇති බවත් එය බරපතළ…

    Read More

    විදුලි ගාස්තු සංශෝධනය ගැන ඌව පළාතේ මහජන අදහස් විමසීම අද සිට

    ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන අදහස් විමසීම අද (30) ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතව තිබේ. ලබන වසරේ  ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම පසුගිය දෙසැම්බර්…

    Read More

    උපායමාර්ගික සැලසුම ගැන දිලිත් පැහැදිලි කරයි

    තමා හැර සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඔවුන් වටා සිටින දේශපාලන කණ්ඩායම් හේතුවෙන් ඔවුන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ගාල්ලේ පැවති සුහද හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,  “මම නියෝජනය කරන්නේ සංකල්ප මත පදනම් වූ උපායමාර්ගික වැඩපිළිවෙලක්…

    Read More

    ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා – ආචාර්ය මන්මෝහන් සිං

    ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං, වත්මන් පාකිස්තානයට අයත් එවක නොබෙදුණු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හුදෙකලා ගම්මානයක 1932 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා උපත ලැබීය. අධ්‍යාපනයෙන් විශිෂ්ට දස්කම් දැක් වූ මන්මෝහන් සිං, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය අවසන් කළේය. ඉන් අනතුරුව හෙතෙම බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි අවස්ථාව දිනාගැනීමට සමත් විය….

    Read More

    අධිවේගේ පාලම යට අභිරහස් මළ සිරුරක්

    බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ග පාලම අසළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවය. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බණ්ඩාරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.  අඩි 05යි අඟල් 4ක් පමණ උසැති ඔහු තලෙළු පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. ඔහු උඩු කයට නිල්පාට අත්කොට කමිසයක්…

    Read More

    E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

    බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ  E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය මගින් VFS Global සමාගම පෙන්වාදෙන්නේ 2004 සිට සිය සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය. මේ අතර තම සමාගම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව නවසීලන්තය ප්‍රංශය ජර්මනිය ඉතාලිය ස්විට්සර්ලන්තය, නෝර්වේ, ඔස්ට්‍රියා,…

    Read More

    දෙදින නිල සංචාරය නිම කෙරූ ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත් වෙයි

    දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගියේය. තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිත අතර ඒ සඳහා ඒ මහතා අනුරාධපුර සංචාරය නිම කිරීමෙන් අනතුරුව තමිල්නාඩුව බලා පිටත්ව ගියේය. සිය පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ සටනක් යොමු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පියවර…

    Read More

    ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක්

    ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වෙයි. ඊට 500,000ක පමණ ජනකායක් එක්වී සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස එරට රජයට බලකරමිනි. පසුගියදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙක් ව හමාස් සංවිධානය විසින් රෆා හි උමඟක දී ඝාතනය කර තිබුණි….

    Read More

    තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

    මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වනදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බවය.  නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි. ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම…

    Read More