Headlines

    10 වන පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා පත් කර ගැනීම අද

    10 වන පාර්ලිමේන්තුව සදහා සභිකයින් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේ කටයුතු (අද) පෙරවරු 7.00ට ආරම්භ වුණි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ අනුව අද උදෑසන 7 සිට පස්වරු 04 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පවත්වන බවය.  ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස්…

    Read More

    පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාවට විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

    එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

    Read More

    ෂන්ටෝ නායකත්වය අත්හැරීමට සැරසෙයි

    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් කටයුතු කරන නජ්මුල් හොසේන් ෂන්ටෝ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.  පසුගිය වසරේදී නොවැම්බර් මාසයේදී බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ ෂන්ටෝ, පසුව එරට එක්දින හා විස්සයි20 කණ්ඩායමේද නායකයා ලෙසින් පත්කළේය. කෙසේ නමුත් නායකත්වයට පත්වීමෙන් පසු ඔහුගේ පිතිකරණ දක්ෂතා කැපී පෙනෙන ලෙස ඉස්මතු නොවුණි. ඒ හේතුවෙන් ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම්දී…

    Read More

    ජල සැපයුම බිඳ වැටිය හැකියි – උස් ප්‍රදේශවලට බවුසර් මඟින් මුර ක්‍රමයට ජලය

    මේ දිනවල පවතින අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.  නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනා ගත් උස්…

    Read More

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව වතිකානුව නිවේදනය කර තිබේ. 2023 වසරේදී ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේට බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට තිබූ ඩුබායි සංචාරයද අවලංගු කෙරෙිණි. පාප් වහන්සේ පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ…

    Read More

    යුද්ධය නතර කරන මාර්ගය මෝදි යුක්‍රේනයේදී හෙළිකරයි

    යුක්‍රේනයේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් මියගිය දරුවන් අනුස්මරණය කිරීමට සහ කියෙව් අගනුවර මහත්මා ගාන්ධි ස්මාර්කය නැරඹීමට එක්වී තිබේ. මෝදිගේ මෙම සංචාරය සැලකෙන්නේ 1991දී යුක්‍රේනය සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ඉන්දීය අගමැතිවරයෙකු යුක්‍රේනයේ සංචාරය කරන පළමු අවස්ථාව ලෙසය. විදෙස් මාධ්‍ය පවසන්නේ අගමැති මෝදි සහ ජනාධිපති සෙලෙන්ස්කි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා…

    Read More

    මේ දක්වා ආපදා මරණ 16ක්

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වනවිට පවුල් 21,353ක පුද්ගලයින් 84,749ක් පීඩාවට පත්ව ඇති බවය.

    Read More

    මෝදි පැය 45ක භාවනාවක

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය. අගමැති මෝදී හෙට සවස් කාලය තෙක් මෙලෙස භවනානුයෝගීව සිටීමට නියමිත අතර ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද හෙට (01) දිනයේදී වීම විශේෂත්වයකි.

    Read More

    පොලීසියේ උසස් නිලධාරීන් 11කට මාරුවී

    ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ. ඊට අනුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. වී. ගිනිගේ මහතාව අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මාතර කොට්ඨාස භාර…

    Read More

    පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවූ මුදල් ගැන දැනුම්දීමක්

    පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අයකරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12ක් අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන…

    Read More