Headlines

    තවත් බිහිසුණු ගුවන් අනතුරක් – 12කට දිවි අහිමිවෙයි

    මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින්  පස් දෙනෙකු දිවි ගලවා ගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Read More

    IMF කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන කැබිනට් ප්‍රකාශක කළ හෙළිදරව්ව

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළපෙළේ දූත කණ්ඩායමක් හෙට (02) දිවයිනට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කණ්ඩායම ඔක්තෝබර් 04 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.  ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව ආර්ථික කණ්ඩායම හමුවීමට නියමිත ය.  එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය…

    Read More

    මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ව පත් කෙරේ

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රවී සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත. රවී සෙනවිරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.  විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඒ මහතා විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයෙකි. එසේම රාජ්‍ය…

    Read More

    දුම්රිය ප්‍රමාදවීම්වලට සහ අවලංගුවීම්වලට හේතුව ගැන හෙළිදරව්වක්

    දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින්වල  පවතින හිඟය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ධාවනයට සුදුසු එංජින් පවතින්නේ 50ක පමණ ඉතා අවම ප්‍රමාණයක් බව “අද දෙරණ” කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය එංජින් 70ක් පමණ අවශ්‍ය වෙයි. අවලංගු වීම් හෝ ප්‍රමාද වීම්…

    Read More

    රට පුරා විදුලි බිඳ වැටීම් 50,000ක්

    රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පෙපෙදා (29) රාත්‍රී 8.00 සිට ඊයේ (30) රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ ලැබී ඇති විදුලි බිඳ වැටීම් පැමිණි අතුරින් මේ වන විට 14,030කට…

    Read More

    ණය ගෙවීමේ හැකියාව ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. මෙහිදී තවදුරත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා “දළ දේශීය නිෂ්පාදිනයේ ප්‍රතිශතය අනුව සෑම වසරකම විදේශ ණය වශයෙන් උපරිම ගෙවන්න තියෙන්නේ දළ දේශීය…

    Read More

    ගාසා තීරය ගැන ඊශ්‍රායලය ගත් තීරණය

    සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ පුළුල් ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවට ප්‍රකාශයට පත් කර පැය කිහිපයකට පසුව මෙම තීරණය ගෙන ඇත. මේ අතර…

    Read More

    2020 අපොස සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම මාර්තු 27 සිට – ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ..

    2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු මාර්තු මස 27 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය. ඒ අනුව උත්තර පත්‍ර ඇගයීමයේ පළමු අදියර යටතේ මාර්තු 27 වැනි දා සිට අප්‍රේල් 05 වැනි දා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරෙනු ඇති අතර දෙවන අදියරයේ…

    Read More

    2030 FIFA ලෝක කුසලානයට රටවල් 64ක්

    පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය ඇත. උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය පළමුවෙන්ම 1930 වසරේදී ආරම්භ වූ අතර, 2030 වසරේ දී ඊට වසර 100ක් සම්පූර්ණ වේ. 2030 වසරේ පාපන්දු ලෝක කුසලානය අප්‍රිකානු රටක්වන මොරොක්කෝව සහ යුරෝපීය රටවල් ද්විත්වයක්වන…

    Read More

    උද්ධමනය පහළට

    2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දී තිබේ. 2024  සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -0.3% දක්වා  අඩු වී ඇති අතර 2024 අගෝස්තු මාසයේ දී එය වාර්තා…

    Read More