Headlines

    ඇප තැබූ පිරිස 32ක් දක්වා ඉහළට

    අද (12) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවය. වෙනත් දේශපාලන පක්ෂ 01 සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කළ අය අතර වේ. අදාළ නිවේදනය…

    Read More

    මම රට උදුර ගත්තේ නැහැ..භාර ගන්න කවුරුත් හිටියේ නැහැ – රනිල් 

    තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පුළුවන් ශ්‍රී ලංකා විජයග්‍රාහී ජන රැලි මාලාවේ කැස්බෑව ජන රැලිය අමතමිනි. “රට අර්බුදයක තිබූ අවස්ථාවේ එය භාරගෙන වෙනස් කිරීමට මට හැකි වුණා. මම ඒක…

    Read More

    ශ්‍රී ලංකාවට ලැබුණු සහන ගැන පැහැදිලි කිරීමක්

    ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.  ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් ක‍ළේය. විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම…

    Read More

    ගංගාවල ජල මට්ටම ඉහළට – රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්..

    නිල්වලා, කැලණි , කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර, කුරුවිට , කිරිඇල්ල, අයගම, ඇලපාත කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මේ අතර අධික වර්ෂාව සමග කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්…

    Read More

    සත්වෝද්‍යාන පළමුවෙනිදා සිට මහජනතාවට විවෘත කරයි.

    දෙහිවල, පින්නවල හා රිදියගම සත්වෝද්‍යාන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පළමු වෙනිදා සිට විවෘත කර ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. මෙම සත්වෝද්‍යාන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙයට මාසයකට පමණ පෙර සිට වසා දමා තිබූ අතර සතුන් ජනතාවගෙන් හැකිතාක් දුරට ඇත්කර සෞඛ්‍ය උපදේශවලට අනුකූලව සත්වෝද්‍යාන විවෘත කර ඇතිබව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා…

    Read More

    කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තීරණාත්මක තරගයක් අද

    මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (05) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමතව තිබේ. B කාණ්ඩායේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය සාජා හි පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ සිය බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. ඒ පාකිස්තාන…

    Read More

    කාලගුණයේ වෙනසක්

    ඉදිරි දිනවලදී හෙටින් (08) පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාරත්මේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…

    Read More

    පාකිස්ථාන – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් පහක්

    ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ එක්ව ඊයේ (23) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තබන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් වන්නේ, 1. සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තාන ඉස්ලාමීය ජනරජය හා ශ්‍රී ලංකා…

    Read More

    පාසල් 1250ක් ජාලගත කෙරේ

    ඉදිරි මාස කීහිපයේදී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිවන සේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසී ය.  ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා…

    Read More

    සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ගේ සේවය අවසන් කෙරේ

    සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින්…

    Read More