Headlines

    දීගොඩ කුමාර නිදොස් කොට නිදහස්

    ආධ්‍යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාර අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව එල්ලවූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වෙයි.

    Read More

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුබ ආරංචියක්

    ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි. නව තරග ගාස්තු අනුව එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකර ඇති බව සඳහන්…

    Read More

    ලංකාවට ආ විදේශිකයින්ගේ වැඩිම කැමැත්ත

    මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ දෙකකට අධික පිරිසක් ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අතරින් යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා ලක්ෂයකට අධික විදෙස්…

    Read More

    විදෙස් සහ රන් සංචිතය ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

    මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 4.52 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම…

    Read More

    මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

    මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු පැවසීය. එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ. මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වෙයි. මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි…

    Read More

    පරිප්පු සහ සිනි මිල අඩු කිරීමට තීරණයක්..

    පරිප්පු සහ සීනි මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව සතොස සහ සමුපකාර අලෙවිසැල් හරහා පමණක් අඩු මිලට පරිප්පු හා සීනි මිලදී ගැනීමට පාරිභෝගියන්ට අවස්ථාව හිමිවන බව අලගියවන්න මහතා සඳහන් කළේය. මෙම සහනය මාසයක් තුළ ක්‍රියාත්මක කරනු ඇති අතර පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 175කට අඩු මිලකට ලබා දීමට…

    Read More

    අමෙරිකාවට පැන වූ TikTok තහනම ඉවතට..

    හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ ටික්ටොක් (TikTok) භාවිතය තහනම් කරමින් නිකුත් කළ විධායක නියෝගය, වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප් විසින් චීනයේ නිෂ්පාදිත ටික්ටොක් යෙදවුම භාවිතය අවලංගු කරනු ලැබුවේ 2020 වසරේදී වන අතර එම නීතිය, පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට ලක් විය.  මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඩොනල්ඩ්…

    Read More

    අද සවසත් මිමී 100ට වැඩි තද වැසි

    අද (4) දිනයේ ද දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි…

    Read More

    ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අර්බුදයක

    ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමේදී ඊට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර සේවකයකුට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය. ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට…

    Read More

    විෂ එන්නත් කර කාන්තාවක් ඝාතනය කළ බව කියන සිද්ධියක් ගැන පොලිස් විමර්ශන

    විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බවය. දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර,…

    Read More