Headlines

    රුපියල ට ලෝකයෙන් සහතිකයක්

    2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් ය.

    Read More

    අදානි ගෙන් විදුලිය මිලදීගැනීමට වසර 20ක ගිවිසුමක්

    අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අදාළ ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ අතර ඒ අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවෙන විදුලිය මිලදී ගැනෙයි. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන…

    Read More

    කොළඹ ආසාදිතයින් ඉහළට – සියලු රාජ්‍ය හා පෞද්ගලික උත්සව නවතී..

    අද (25) දින සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒ අනුව  ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර ඇත….

    Read More
    නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි

    නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි

    අධිකරණයට අපහාස කළේ යැයි මේ වනවිට නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග මහතාගේ ඇප ඉල්ලීම මැයි මස 05 වනදා  සලකාබලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ නීතිඥවරයා සඳහන් කළේ…

    Read More

    දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් අද (10) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , රත්නපුර දිස්ත්‍රික්කය රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ, අංගම්මන ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය මහර පොලිස් බල ප්‍රදේශයේ, ඇ⁣ටිකෙහෙල්ගල්ල බටහිර කටාන පොලිස් බල ප්‍රදේශයේ, KC සිල්වා ග්‍රාම…

    Read More

    දිවයින අවට සුළං තත්ත්වයේ වැඩිවීමක් – ඉදිරි දින කිහිපයේ යළි වැසි වැඩි වන ලකුණු..

    ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්ත්වයේ වැඩිවීමක් හා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ අද (21) දින සිට ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට…

    Read More

    ජනපති සහ නීතිඥවරු අතර හමුවක්

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. එහිදී පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන නායකයන්ට පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා දේශපාලන අරමුණුවලින් බැහැරව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙලට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

    Read More

    ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අගමැති සුරතින් ජනතා අයිතියට.

    කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊ‍යේ (17) දින පෙරවරුවේ විවෘත කෙරිණි. ඒ අනුව මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10ක විදුලියක් ජනනය කරන අතරම දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600-800ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මෙමඟින් ස්ථිරසාර…

    Read More

    සිංගප්පුරුවේ යුගයක නිමාව

    ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය “Lee Hsien Loong” සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව දේශපාලන විචාරකයෝ පවසති. වසර විස්සක් සිංගප්පුරුව පාලනය කිරීමෙන් අනතුරුව ලී සිය බලතල අද රාත්‍රියේ එරට නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෝරන්ස් වොන්ග් ට භාරදීමට නියමිතය. සිංගප්පුරුව…

    Read More

    කොරෝනා මරණ ගණන ලක්ෂ 40 ඉක්මවයි..

    ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ ලොව රටවල් තුළින් නව මරණ 6,012ක් වාර්තා වූ බවයි. මේ අතර කොරෝනා වසංගතය ඇරඹි 2019 වසරේ දෙසැම්බර් මස සිට මේ දක්වා කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් හතලිස් ලක්ෂ දෙසිය අසූ එක් දෙනෙකු…

    Read More