Headlines

    නීතිවිරෝධීව දේශසීමා පනින්න ගිය ලාංකිකයන් තිදෙනෙකු ඇල්බේනියාවේදී අත්අඩංගුවට

    ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සාහිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ ගමනාන්තය ඉතාලිය වන බවත් ඔවුන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් කාෆේ තානේ දේශසීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති බවත්ය. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 57, 51 සහ 36 හැවිරිදි වියේ…

    Read More

    සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

    සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත. මෙකී සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් ඊයේ…

    Read More

    බස් අනතුර ගැන සංවේදී කතාවක් – තවත් සිව්දෙනෙකුට බරපතළයි

    දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම සිදුවූ මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ. අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි. අද අලුයම 5.10ට පමණ මාරක රිය අනතුරක් සිදුව තිබුණේ කුරුණෑගල නගරයට කිලෝමීටර 6ක් පමණ එපිටින් පිහිටි දඹුල්ල – කුරුණෑගල…

    Read More

    පොලීසියේ උසස් නිලධාරීන් 11කට මාරුවී

    ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ. ඊට අනුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. වී. ගිනිගේ මහතාව අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මාතර කොට්ඨාස භාර…

    Read More

    අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලයට සීමාවක්

    වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබේ. ඒ අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත්වන අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා එම පිරිස 12කට සීමා කර ඇත. අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සහ සියලු පාර්ශවයන් සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා මෙම…

    Read More

    Made in Sri Lanka – වෙළද ප්‍රදර්ශනය 2021

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම, බලගැන්වීම සහ ශක්තිමත් කිරීම යන අරමුණු පෙරදැරිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව පසුගිය දෙසැම්බර් 15 වනදා ජනගත කළ Made in Sri Lanka ව්‍යාපෘතියේ ප්‍රමුඛතා යෝජනාවක් ලෙස සදහන්…

    Read More

    මුදල් අච්චු ගැසුවා ද ? –  මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

    අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවය. අදාළ නිවේදනයේ දැඩිදුරටත් දැක්වෙන්නේ, මහ බැංකුව විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය…

    Read More

    රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

    දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම ‍‍දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවනු ලැබීය. රුමේෂ් පිරිමි හෙල්ල විසි කිරීම තරගයේ මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වා තිබේ.

    Read More

    රණවිරුවන්ට හිමි සහන අප්‍රේල් මස සිට..

    මෙරට තුළ පැවති කුරිරු ත්‍රස්තවාදී හේතු නිසා මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඊට අදාල කැබිනට් පත්‍රිකාව යෝජනා 7ක් සහිතව ජනාධිපතිවරයා අප්‍රේල් 27 වන දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර එහිදී එයට අනුමැතිය හිමිව තිබේ. ඒ…

    Read More

    දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය

    අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය  විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ සහකාර ප්‍රවාහන අධිකාරීවරයෙකුගේ බලතල යටතේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව වංචා දූෂණ රැසක් සිදුවන ස්ථානයක්…

    Read More