Headlines

    පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාවට විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

    එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

    Read More

    රට පුනරුදයකට රැගෙන යන ගමන ආරම්භ කර ඇති බව ජනපති කියයි

    කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මෙම ගමන කිසිවෙකුටත් වැළකිය නොහැකි බවය. රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. “අපේ රට…

    Read More

    බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ ඇරඹෙයි

    බැඳුම්කර වංචාව පිළිබඳ දැනටමත් නීත්‍යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන කැබිනට් මාධ්‍ය හමුවට අද (01) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනි. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා, “දැනටමත් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.  රනිල්…

    Read More

    ට්‍රම්ප්ට සහ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ දැවැන්ත විරෝධතා

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත්තේ අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළුව ස්ථාන 1,200ක ඊයේ (05) දිනයේදී අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බවය. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය…

    Read More

    ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි බැහැදකී

    ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපති ලෙස පත් වූ අකිකෝ ඉසොමාතා මහතා අද (15) ජපානයේ ලංකාජී විහාරස්ථානයට පැමිණ ඇත. එහි දී ලංකාජී විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස මාහිමිපාණන් මුණ ගැසුණු නව තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී ගත හැකි ක්‍රියා මාර්ග පිලිබඳව සාකච්ඡා කර තිබේ.  පසුව පැවති දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව තානාපතිවරයාගේ රුව…

    Read More

    බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව බැක්ටීරියා ආසාදනයක්

    කොළඹ බේර වැවේ සතුන් මියයෑමට හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවට පර්යේෂනවලින් තහවුරු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ, මියගිය සතුන්ගේ පටක යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවලදී මේ බව සහවුරු වූ බවය. “පසුගිය දිනවල තාරාවන් මියයෑම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව මැදිහත් වී හෝමාගම පශු…

    Read More

    ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළ පිරමීඩාකාර ආයතන සහ යෙදවුම්

    පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවද මහ බැංකුව එම නිවේදනයෙන් සඳහන් කරයි. තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනවලදී ආයතන සහ යෙදවුම් 8ක් මහ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය…

    Read More

    ලාංකිකයින් දිනකට රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි

    පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවය. මේ හේතුවෙන් නව…

    Read More

    දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිළධාරී වසම් 12 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිළධාරී වසම් 12 ක් අද (05) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , කොළඹ දිස්ත්‍රික්කය මහරගම පොලිස් බල ප්‍රදේශයේ, පමුණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම් රත්නපුර දිස්ත්‍රික්කය ඇඹිලිපිටිය පොලිස් බල…

    Read More

    උතුරු – නැගෙනහිර අවතැන් මධ්‍යස්ථාන ගැන තීරණයක්

    එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බවට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය ඊයේ පවසා සිටියා.  මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මකව පවතින අතර එහි රැඳී සිටින පවුල් සංඛ්‍යාව 10ක් බවයි එම අමාත්‍යංශය පැවසුවේ. උතුරු හා නැගෙනහිර පැවති ගැටුම්කාරී වාතාවරණය හමුවේ අවතැන්ව…

    Read More