Headlines

    ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර දකුණු ආසියාවේ තෙවන තැන ශ්‍රී ලංකාවට

    ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට  පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට යි. නේපාලය දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව පස් වන ස්ථානයේත් පාකිස්තානය හත් වන ස්ථානයේත් පසුවේ. ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන…

    Read More

    දුම්රිය වැඩවර්ජනයට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පිළිතුරක්

    විසඳුම් ලබාදී තිබියදීත් මහජනතාව අපහසුතාවට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් අසාධාරණ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ එක්දින සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව දන්වා සිටියේය. වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම හා නව බඳවාගැනීම් ක්‍රියාවලිය…

    Read More

    බස්නාහිර ගුරුවරුන්ට පැනවූ ටියුෂන් තහනම නවතියි

    බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා…

    Read More

    කිලෝ 200කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

    හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රා 02ක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව මඟින් සිය භාරයට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ, එම යාත්‍රා දෙකේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් පිරිස සහ…

    Read More

    එංගලන්තයේ නගර කිහිපයක කෝලාහල පැතිරෙයි

    ලිවර්පූල්, ස්වුත්පොර්ට් ප්‍රදේශයේදී පිහියෙන් ඇන ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කිරීමෙන් අනතුරුව එංගලන්තයේ ප්‍රදේශ කිහිපයක කලබල සහ ගැටුම් ඇතිවී ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊයේ (03) එංගලන්තයේ නගර කිහිපයක කලබලකාරී තත්ත්වයන් වාර්තා වූ බවත් ඉන් පොලිස් නිලධාරීන් ට තුවාල සිදුවී ඇති බවත් ය. එසේම දේපොළ විනාශ කිරීමේ සිදුවීම් ද වාර්තා විය. වසර 13කට…

    Read More

    අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට

    ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත.

    Read More

    අධිවේගයෙන් නොසිතූ ආදායමක්

    පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සුරියබණ්ඩාර මහතා අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වසරේ අප්‍රේල් මස 10 වන දා සිට 15 වන දා දක්වා වු දින…

    Read More

    සුළං ප්‍රවාහයේ වැඩිවීමක්

    දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් විටින්විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (25) දිනයේ උදෑසන 10:30 වන තෙක් වලංගු වන පරිදි අද (24) පෙරවරු 10:30ට මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරුණි. වැඩි විස්තර පහතින්,

    Read More

    හැකියාවන් ඇති අය සිර කළ රාමුව කැඩුවා – අම්බිකා

    තමන් පළමුවරට දේශපාලනයට පැමිණීමත් සමග මින් ඉදිරියට වතුකරයේ තරුණ ප්‍රජාව දේශපාලනයට අවතීර්ණ වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක කාන්තා නියෝජනයක් වන අම්බිකා සැමුවෙල් පවසයි. ඇය පැවසුවේ හැකියාවන් ඇති තරුණ තරුණියන් පිරිසක් වතුකරයේ සිටි නමුත් ඔවුන් යම් රාමුවක කොටු කර තැබූ බවය. “පළවෙනි වතාවට මම දේශපාලනයට ආවත් එක්කම මගේ නංගිලා මල්ලිලා අනිවාර්යයෙන්ම දේශපාලනයට එනවා….

    Read More

    ආර්ථිකය නිවැරදි මඟකට ගන්නා හැටි ජනපති කියයි

    ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ මෙරට ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමේ පළමු පියවර තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඒකල ප්‍රදේශයේ ඉදිකෙරුණු Cephalosporin ( සෙෆලෝස්පොරින් ) එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයාගේ ඒ බව පැවසීය. මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම…

    Read More