Headlines

    මරා දැමූ තරුණියගේ DNA වාර්තා නිකුත් වේ – මළ සිරුර කුරුවිට තරුණියගේම බව තහවුරු වේ.

    පිටකොටුව වේල්ල වීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළ සිරුරේ DNA පරීක්ෂණ වාර්ත නිකුත් වී ඇති අතර එම සිරුර කුරුවිට, තෙප්පනාව පදිංචි 30 හැවිරිදි තරුණියගේ බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. පසුගිය මාර්තු මස 1 වන දින ගමන් මල්ලක බහා පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය…

    Read More

    වත්මන් ජනපති සහ තමන් අතර වෙනස සසඳන රනිල්

    තමන් මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  මීගමුව ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැවැත් වූ ජන හමුවකට අද (27) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් තියා සති තුනක් යන්න පුළුවන්ද කියලා මන් දන්නේ නෑ.  පලපුරුදු අය…

    Read More

    කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ මහතා පවසා සිටියේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

    Read More

    බොලිවුඩ් සිනමා තරු 22 දෙනෙකුට කොරෝනා..

    ඉන්දීය බොලිවුඩ් ජනප්‍රිය සිනමා ශිල්පීන් 22 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ප්‍රවීණ රංගන ශිල්පී අමීර් ඛාන්, අර්ජුන් රම්පාල්, රන්බීන් කපූර්, ආලියා භාත්, කත්‍රිනා කයිෆ්, අක්ෂේ කුමාර්, මනෝජ් බජ්පායි, රවීනා තණ්ඩන් සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි ද, මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වේ. ඉන්දීය…

    Read More

    මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් නිව්යෝර්ක් නගරයේ පාලමක ගැටෙයි

    අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ. එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට ඇති අතර…

    Read More

    2036 ඔලිම්පික් සත්කාරකත්ව සටනට ඉන්දියාවත්

    2036 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම ඉන්දියාවේ සිහිනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේය. ඉන්දියාවේ 78 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් නවදිල්ලිහි රතු බල කොටුවේ අද (15) පැවැති උත්සවයේදී හෙතෙම එය හෙළිකළේය. “2036 ඔලිම්පික් උළෙල පැවැත්වීම ඉන්දියාවේ සිහිනය, අපි ඒ සඳහා සූදානම් වෙමින් සිටිනවා” මෝදි පැවසීය. හෙතෙම මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටියේ, මහා පරිමාණ ගෝලීය ඉසව්…

    Read More

    කොරෝනා මරණ 55 ක් වාර්තා වෙයි..

    ගෙවුණු දිනයේ (14) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 55 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනයට අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) එම මරණ තහවුරු කරනු ලැබ තිබේ. මේ අතර තහවුරු කරනු ලැබූ මරණ අතරින් 33 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙනා කාන්තාවන් බව…

    Read More

    ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

    ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, “මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක වුණාම මිල දේශපාලන අවශ්‍යතාවය මත…

    Read More

    බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් සමුගනී

    ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු ද වන හෙවිවේට් ක්‍රීඩක අමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි. ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන ෆෝමන් මිය යනවිට 76වන වියේ පසුවිය. බොක්සිං වළල්ල තුළ ‘බිග් ජෝර්ජ්’ ලෙසින් හැදින්වෙන ඔහු අඩි 6යි අඟල් 3ක් උසැති දේහදාරී ක්‍රීඩකයෙක්ය. 1968 ඔලිම්පික් උළෙලේදී ඔහු…

    Read More
    ප්‍රබල භූකම්පනයක්

    ප්‍රබල භූකම්පනයක් – ජපානයට සුනාමි අනතුරු ඇඟවෙයි

    තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. තායිවානයේ නැඟෙනහිර ප්‍රදේශයට රික්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූමිකම්පනයක් හටගෙන තිබේ. විදෙස් වාර්ථා සඳහන් කළේ, දකුණු ජපානයේ සහ පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය. තායිවානයේ හුවාලියන් නගරයට කිලෝමීටර් 18ක් දකුණින්, කිලෝමීටර් 34.8ක් ගැඹුරින් අද (03) උදෑසන 8ට ආසන්න වේලාවකදී…

    Read More