Headlines

    ඊශ්‍රායල හා හමාස් සටන්කාමීන් ගාසා තීරයේ සටන් විරාමයක..

    ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති බව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය. ඒ අනුව එම කාලය කොන්දෙසි විරහිතව ක්‍රියාත්මක විය යුතු බව, සටන් විරාමය තහවුරු කරමින් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පෙරට සාපේක්ෂව මෙවර ගාසා තීරයේ පැවති ගැටුම්වලදී සිය හමුදා හොඳ ප්‍රගතියක් ලබා ඇති බව ඊශ්‍රායල…

    Read More

    එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ – දිලිත්

    ප්‍රශස්ත විපක්ෂයක් නිර්මාණ කළොත් ආණ්ඩුවකට වඩා වැඩක් කළ හැකි බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ සිටීමට සිදු නොවන බවය. ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වය යටතේ සර්වජන බලයෙන් ‘පදක්කම’ ලකුණින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ විශේෂ හමුවක් අද (12) වස්කඩුව හෝටලයකදී පැවැති අතර…

    Read More

    ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්

    ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති ආයුර්වේද, ඖෂධ සහ නිෂ්පාදන සභාවේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින්ට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස්…

    Read More

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි

    ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (17) නම් කෙරුණි. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට  ක්‍රීඩිකාවන් 15දෙනෙකු ඇතුළත් ය. ආසියාවේ ශූරියන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා ඇති අතර පැවැත්වෙන තරග ගණන 15කි.  ඒ අනුව ආසියානු කුසලාන…

    Read More

    මුදල් අච්චු ගැසුවා ද ? –  මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

    අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවය. අදාළ නිවේදනයේ දැඩිදුරටත් දැක්වෙන්නේ, මහ බැංකුව විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය…

    Read More

    කරන්නාගොඩගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

    හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනුකර තිබෙන පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.  2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබෙන නඩුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන්…

    Read More

    හෝමාගමට ඔරොත්තු නොදෙන මුව ගහනයක්

    හෝමාගම නගරය ආශ්‍රිතව ග්‍රාමසේවා වසම් රැසක ව්‍යාප්තව සිටින මුවන් සුදුසු ප්‍රදේශයකට මුදාහැරීමට තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පා.ම. අරුණ පනාගොඩ මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු පවසා සිටියේ 1500ත් 2500ත් අතර මුව ගහනයක් සිටින බවත්, ඔවුන් ගොවි ජනතාවගේ සියලුම දේ විනාශ කරන බවයි. වැඩිදුරටත් අදහස් දැක් වූ අරුණ පනාගොඩ මන්ත්‍රීවරයා, “අපේ…

    Read More

    රුපියල බේරගත්ත හැටි කියන ජනපති

    විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ අසීරු තීරණ ගැනීම මඟින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවීම හරහා ආර්ථික අර්බුදය තාවකාලිකව විසඳීමට හැකියාවක් ලැබී ඇති බවය. ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. “එදා මම එක්ක මේ කණ්ඩායම…

    Read More

    වසරක් තුළ රුපියල් මිලියන 18,000කට අධික මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

    මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 18‍,000කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ පසුගියදා සිය නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමග රුපියල් මිලියන 18,790කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බවය. පසුගිය නොවැම්බර් 16 වන…

    Read More

    සා/පෙළ අසාධාරණවලට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයේ විභාග ශාලාවකදී විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට තම ප්‍රශ්න පත්‍රය අයෙකු ලවා කියවා ලබාදෙන පිළිතුර ලිවීමට අවසර ලබාදී තිබියදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය දෙවැනි කොටස සඳහා එම පහසුකම අවහිර කළ බවට චෝදනා කරමින් අද (16) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. එමෙන්ම, කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ විභාග ශාලාවකදී ද විශේෂ…

    Read More