Headlines

    මම ready – ධම්මික පෙරේරා

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය. එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා…

    Read More

    මෙරට උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා

    ජපාන නිල සංවර්ධන ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන්වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබු මෙම ව්‍යාපෘති ආරම්භ කිරිමට අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය….

    Read More

    ර‍ට ගොඩනැගීම උදෙසා දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් – අනුරාධපුර පලුගස්වැව – ගල්කඩවල මාර්ගය රු.මි 107ක් වියදම්කොට කාපට් යොදා නවීකරණය කෙරේ.

    අමාත්‍ය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (22) පැවති රැස්වීමේ දී ඒ මහතා කියා සිටියේ අන් කවරදාටත් වඩා ග්‍රාමීය හා ජාතික මට්ට‍මේ සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය මාස කිහිපය තුළ රට පුරා ආරම්භ කෙරුණු බවත්, එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව කිසිඳු දැනුවත් වීමක් ලබා නොමැති යැයිද, එහෙත් ඇතැම් ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම අත්‍යාවශ්‍ය යැයිද ඒ…

    Read More

    උද්ධමනයේ ලොකු වෙනසක් – ආහාර උද්ධමනය බිංදුව වෙයි

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී  -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ 2024 ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය -0.7%ක් ලෙස වාර්තා වූ බවයි.  එහිදී 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0% ක් දක්වා සහ…

    Read More

    මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ…

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-Jan-20) – ඊයේ ආසාදිතයින් 669 යි මරණ 03 යි

    අද දින (20) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 660 දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් බව ජාතික කොරෝනා මර්ධන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (19) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ශ්‍රී ලංකාවේ පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ..

    ශ්‍රී ලංකාවේ පළමු LNG හෙවත් ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් අද (05) පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ප්‍රදේශයේදි ආරම්භ විය. මෙම බලාගාරය සඳහා ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 ක් බව වාර්තා වේ. ඒ අනුව මෙම ස්වභාවික ද්‍රව වායු බලාගාර මගින් මෙගාවෝට් 300 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව…

    Read More

    නව අමාත්‍යංශ ලේකම්වරු පත් කෙරේ

    නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණි.

    Read More

    ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 86% ඉක්මවයි

    පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවය. දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 79%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 95%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 71%ක්, මඩකළපුව, මොණරාගල, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල…

    Read More

    අභිනව අමරපුර මහා නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.  අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත ඊට…

    Read More